counter hit xanga
June 13, 2021

කොළඹට ගලන ගංවතුරක අවසානය!

පහුගිය දින කිහිපය තුල ඇද හැලුන මහා වර්ෂාව සමග යලිත් ගංවතුර ගැන කතා කතාබහ ඇතිවු අතර එහිදි රටපුරාම කාගෙත් අවධාණය යොමුවන්නේ කොළඹට ගලන ගංවතුර ගැනය. කොළඹට ගංවතුර ගැලීම ඒ තරමට ප්‍රසිද්ධය. කොළඹ ගංවතුර නතරකිරිම සදහා විවිධ ව්‍යාපෘති දියත් කලද ඉන් එකක් හෝ සාර්ථකත්වය දක්වා ගමන් කිරිමට සමත් වුයේ නෑ.

කොළඹ ගංවතුර මඩින්න ඉදිවෙන දැවැන්ත ගංවතුර පාලන වයාපෘතිය හෙවත් Metro Colombo Urban Development Project (MCUDP) හරහා කොළඹ දිස්ත්‍රික්කයට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ පෑලිය ගොඩ, කැලණිය, බියගම, කඩුවෙල, දොම්පේ යන ප්‍රදේශ වලට ද මෙතෙක් කැලණි ගඟේ ජල ගැලීම්වලින් සිදූවූ ආපදාවන් නතරවේ.

දැවැන්ත ගංවතුර පාලන වයාපෘතිය හෙවත් Metro Colombo Urban Development Project (MCUDP) කඩිනමින් අවසන් කිරිම සදහා අවශ්‍ය මෙහෙයුම් මේ වනවිට දියත් වෙමින් තිබේ.ගංවතුර හා ජලාපවහන කළමනාකරණ වැඩපිළිවෙළ රුපියල් මිලියන 23,750 ලෝක බැංකු ආධාර යටතේ දියත් වන ව්‍යාපෘතියකි.

ඒම ව්‍යාපෘතිය යටතේ

*මුහුදට ජලය හරවන භූගත උමං දෙකක්,

*ජලය බැහැර කරන පොම්පාගාර 3ක්

*හැරවුම් ඇළ මාර්ග 2 ක් ඇතුළු උප ව්‍යාපෘති 36 කින්ද සමන්විතය.

කැලණි ගඟේ මහා ජලකඳ මෙම ව්‍යාපෘතිය අවසන් වීමත් සමඟ මීටර් 760 ක් දිගැති ඇතුළත මීටර් 3 ක විශ්කම්භයක් ඇති තත්පරයකට ලීටර් 15,000 ක් ජලය ගලා යා හැකි භූගත උමං මාර්ගයක් හරහා (කොළඹ අලුත් මාවත අසලින් ඇරැඹී මෝදර ධීවර වරාය ප්‍රදේශයෙන්) සෘජුවම මුහුදට ගලායාමට සැලැස්වීම උමග හරහා සිදුවන අතර මෙය ”නව මුතුවැල්ල උමඟ” නමින් හඳුන්වයි.

මෙම ව්‍යාපෘතිය යටතේ ඉදිකන කොළඹ ‘ටොරින්ටන්’ උමං මාර්ගය ද ඊටම නො දෙවැනි භූගත උමඟක්කි. එය දිගින් කිලෝ මීටර් 1.යි මීටර් 100ක් වන අතර තත්පරයකට ජලය ලීටර් 32,000 ක් ගලා යා හැකි වැසි සමයේ දී කොළඹ නගරයට ඇද හැලෙන ජලය ඒ වටා ඇති කාණූ පද්ධති ඔස්සේ අවට පිහිටි ඇළ මාර්ගවලට ගලා යාමට තිබෙන බාධාවන් ඉවත් කිරීමේ ක්‍රමවේදයක් ලෙසද හඳුන්වා දිය හැකිය. එම ඉදිකිරීමෙන් පසු මින් ඉදිරියට කොළඹ නගරය අවට ඇති සියලුම ඇළ මාර්ගවල පිරෙන ජලය මෙම උමං මාර්ගයට සම්බන්ධ කොට මහ මුහුදට හරවා යැවීම මේ වැඩ පිළිවෙළේ අරමුණයි.

මෙම උමඟ කොළඹ බෞද්ධාලෝක මාවත හා ග්ලේන් ආබර් පෙදෙස ඔස්සේ භූගතව බම්බලපිටිය වෙරළ තීරයෙන් මුහුදට සම්බන්ධවේ. එමෙන්ම මුතුවැල්ල උමඟ ඉදිකිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් කොළඹ දිස්ත්‍රික්කයට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ පෑලිය ගොඩ, කැලණිය, බියගම, කඩුවෙල, දොම්පේ යන ප්‍රදේශ වලට ද මෙතෙක් කැලණි ගඟේ ජල ගැලීම්වලින් සිදූවූ ආපදාවන් නතරවේ.

මෙම ව්‍යාපෘතීන් අතර කොළොන්නාව හාවඩ් බැම්ම මධ්‍ය ප්‍රදේශය අසළ ඉදිවන පාලම් මාර්ගය හා දිය දොරටුව සහිත වූ හැරවුම් ඇළ එම වැඩ පිළිවෙළේ තවත් සුවිශේෂත්වයක් හිමිවන්නක් වන අතර එය කැලණි ගඟේ ජලය අඩු වැසි සහිත කාලවල දී දියවන්නා ඇළ මාර්ගයට කොළඹ නගරාශ්‍රිතව ඇති ඇළ මාර්ගවලින් මෙන්ම කාණු පද්ධති දිගේ ගලා විත් පිරෙන ජලය කැලණි ගඟට මුදා හැරීම මෙන්ම කැලණි ගඟ ආශ්‍රිත ඇළ මාර්ගවල හා පහත් බිම්වල රැඳී පවතින ජලය කොළඹ නගරයේ දියවන්නා ඇළ මාර්ගය ඔස්සේ ටොරිංටන් උමඟින් හෝ කැලණි ගඟේ මුතුවැල්ල උමං මාර්ගය ඔස්සේ මහ මුහුදට ඇද දමන ක්‍රියාවලියේ විශේෂිත අවස්ථාවක් වන අතර ජල රඳවන මධ්‍යස්ථානයක් ලෙස තලංගම වැව ජල ධාරිතාව ඉහළ නැංවීමේ වැඩ පිළිවෙළ ද, අඹතලේ හා සාන්ත සෙබස්තියන් උතුර හා දකුණ ඇළ ආශ්‍රිතව ඉදිකරන පොම්පාගාර සහිත දිය දොරටු ද මෙම වැඩපිළිවෙළේ ප්‍රමුකත්වයක් ගන්නා ව්‍යාපෘතිය.

මෙහි බොහෝ අදියරයන් 2020 වසර වන විට අවසන්වීමට නියමිතව තිබූ නමුත් විවිධ හේතුන් මත මෙම දැවැන්ත වයාපෘතියේ වැඩ අවසන් වීම කල්ගත වී ඇත.මෙම ව්‍යාපෘතිවලට අනුව කොළොන්නාව ආසනයේ අඹතලේ ඉදිවෙමින් පවතින වැසි ජල පොම්පාගාරය, ශාන්ත සෙබස්තියන් උතුරු ජල පොම්පාගාරය, සැලසුම් ගත ශාන්ත සෙබස්තියන් දකුණ පොම්පාගාරය, නවීකරණය වන නොරිස් ඇළ, නවීකරණය වන මාදිවෙල නැඟෙනහිර හැරවුම් ඇළ මාර්ගය, තලංගම වැව ජල ධාරිතාව ඉහළ නැංවීම හා ඉදිකිරීම් සිදුවෙමින් පවතින කොළොන්නාව හැරවුම් ඇළ මාර්ගය කොළඹ අග නගරය හා කැලණි ගඟ ආශ්‍රිත ගංවතුර හා වැසි වතුර පාලනය කෙරෙන විශේෂ ව්‍යාපෘති වෙයි.මෙම ව්‍යාපෘතිවල අධීක්ෂණය හා කළමනාකරණය ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව සතුවේ.