Last Updated on June 21, 2021 by Panduka Herath
ඉන්ධන මිලදී ගැනීම සඳහා රාජ්‍ය බැංකු දෙකකින් ලබාගත් ණය මුදල් පොලී ගෙවීම සඳහා $1 billion (ඇමරිකානු ඩොලර් බිලියනයක) ණයක් ලබා ගැනීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ( CPC) විසින් ගෙවිය යුතු ඇ.ඩො. මිලියන 2081 ක පොලියෙන් කොටසක් People’s Bank (මහජන බැංකුව)ට සහ Bank of Ceylon (ලංකා බැංකුව)ට ගෙවීමට මෙම මුදල් යෙදවිමට නියමිතයි.
2020 වන විට ඛනිජතෙල් සංස්ථාවේ අලාභය රුපියල් බිලියන 331ක් හෙවත් රුපියල් කෝටි 33,100ක්
අදාළ ණය මුදල ජාත්‍යන්තර පෞද්ගලික ණය දෙන ආයතනවලින් ලබා ගැනිම සදහා බලශක්ති අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ. ඒ සඳහා අමාත්‍යාංශය දැනටමත් ණය දෙන ආයතනවලට ඉල්ලීම් ඉදිරිපත් කර තිබේ.ඒ සදහා ලැබෙන යෝජනා ඇගයීම සඳහා කමිටුවක් පත් කර ඇති අතර ඇගයීම් ක්‍රියාවලිය ඉක්මනින්ම ආරම්භ කිරීමට නියමිතව තිබේ.
ඇමරිකානු ඩොලර් බිලියනයක ණය මුදල සියයට 3 ට වඩා අඩු පොලී අනුපාතයකට ලබා ගැනීම සඳහා බලශක්ති අමාත්‍යාංශය මුලින් ජපාන රාජ්‍ය බැංකුව හා චීන රාජ්‍ය බැංකුව සමඟ පසුගිය කාලසීමාවේ සාකච්ඡා සිදුවුවද එම සාකච්ඡා වල ප්‍රගතියක් නොමැති විම හේතුවෙන් මෙම විකල්පය යෝජනා කර ක්‍රියාත්මක කර තිබේ.
More Stories
සනත් නිශාන්ත, මිලාන් ජයතිලක අත්තඩංගුවට!
බබා පාට් එපා.. මිනිමරු මහින්දයි, මැර කල්ලියයි වහාම අත්තඩංගුවට ගන්න!
අගමැතිකම වෙනුවෙන් පාවලා දුන්නා…. රනිල්, ලැජ්ජයි, විලිලැජ්ජයි!