Last Updated on May 15, 2021 by Desman Chathuranga
ඇස්ට්‍රාසෙනෙකා එන්නත් අතිරික්තයෙන් එන්නත් තොග ලබා ගැනිම සදහා කොංගෝ රාජ්‍යය සමග ශ්‍රි ලංකාව සාකච්ඡා කරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා. ඒ අනුව කොංගෝ රාජ්‍යයෙ ජනාධිපතිවරයාට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ ඉල්ලිම සිදුකරමින් ලිපියක් යොමුකර තිබේ.
ඉන්දියාවේ නිෂ්පාදිත AstraZeneca එන්නත් තොග වශයෙන් රැස් කර ගැනිමට කොංගෝ රාජ්‍යය කටයුතු කර ඇති අතර මේ වනවිට එහි අතිරික්තයක් පවතින බවට තොරතුරු වාර්තාවිමත් සමගයි ශ්‍රි ලංකා ජනාධිපතිවරය මෙම පියවර ගෙන ඇත්තේ. මිට අමතරව ජපානය, චීනය ඔස්ට්‍රේලියාව සහ අමෙරිකාවෙන්ද එන්නත තොග ඉල්ලා ලිපි යොමු කිරිමට කටයුතු කර තිබේ.
මේ අතර කොරෝනා මර්දනය සඳහා අවශ්‍ය කරන එන්නත් සංචිතයක් ඇතිකිරීමට රජය කටයුතු කරමින් සිටින අතර එහි එක් පියවරක් වශයෙනුයි රජය මෙම පියවර ගෙන ඇත්තේ. මේ වනවිටත් රජය ඉහල ඵලදායීතාවක් සහිත රැසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත මාත්‍රා ලක්ෂ 130ක් ඇණවුම් කර ඇති අතර අමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නතෙන් මාත්‍රා ලක්ෂ 50ක් සහ ඉන්දියාවේ නිෂ්පාදිත ඇස්ට්‍රාසෙනෙකා මාත්‍රා ලක්ෂ 15ක්ද ඇණවුම් කර තිබේ.
මෙම එන්නත් තොගවලට අමතරව චීනයේ නිෂ්පාදිත සයිනෝෆාම් එන්නත් තොගද ගෙන්විමට අවශ්‍ය කටයුතු යොදා තිබේ.
More Stories
මිලියන 7ක් බඩගින්නේ තබා “නාකී” සමරන නිදහස!
රනිල්, ජනතා අයිතියට බාධා එපා!
ඔරුව ගිලෙද්දී නිහඬව සිටීම සිවිල් සමාජයේ වගකීම නොවේ – ‘ශ්‍රී ලංකාභිමාන්‍ය’ ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ කරු කියයි