Last Updated on June 19, 2021 by Panduka Herath
වසංගත රෝග අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ජාතික ඩෙංගු මර්ධන ඒකකයට මාරු කර යවා ඇති බව වාර්තා වේ. අප විශේෂ වාර්තාකරුවෙකු සදහන් කළේ එම තනතුර සදහා සුදුසුකම් සහිත් අයෙකු වහාම පත්කරනු ඇති බවයි.
වසංගත රෝග විද්‍යා අංශය කොරෝනා වෛරසය පැතිරීම පිළිබඳ දත්ත නිවැරදි ලෙස ලබා නොදෙන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිගින් දිගටම චෝදනා කල අතර ඊයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති කොවිඩ් මර්දන විශේෂ කමිටුව හමුවේ GMOA සභාපතිවරය එ පසුපස කුමන්ත්‍රණයක් දියත් වන බවටද අනාවරණය කළා.
කොවිඩ් වසංගතය සම්බන්ධ දත්ත සැඟවීම හා නිවැරදි ලෙස හුවමාරු නොකිරීම සම්බන්ධව ඔහු දිගින් දිගටම GMOA ඇතුලු විවිධ පාර්ශවයන්හි නිරන්තර දෝෂ දර්ශනයට ලක් විය.
Epidemiology Unit වසංගත රෝග අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර එම තනතුරින් ඉවත් කිරිමට රජය තීන්දුකර ඇති බව අප පසුගිය 6වැනිදා දින අනාවරණය කර තිබුනා.
හේතුව දැනගන්න කියවන්න ..
More Stories
සනත් නිශාන්ත, මිලාන් ජයතිලක අත්තඩංගුවට!
බබා පාට් එපා.. මිනිමරු මහින්දයි, මැර කල්ලියයි වහාම අත්තඩංගුවට ගන්න!
අගමැතිකම වෙනුවෙන් පාවලා දුන්නා…. රනිල්, ලැජ්ජයි, විලිලැජ්ජයි!