Last Updated on January 16, 2023 by Lankae Cast
පාස්කු ප්‍රහාරයට අදාලව ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා ලබාදුන් තීන්දුව සහ රාජපක්ෂව සොහොයුරන් ඇතුළු සිව් දෙනෙකුට සම්බාධක පැනවීමට කැනඩාව ගත් තීරණය පිළිබඳව ප්‍රසාදය පළකරන ජාතික සාම මණ්ඩලය, ජනතාවගේ දිවි පෙවෙත විනාශකර දමමින් ගත් තීන්දු සම්බන්ධයෙන් ද පාලකයින්ට එරෙහිව වගවීම ක්‍රියාත්මක විය යුතු බව පෙන්වා දෙයි.
ජාතික සාම මණ්ඩලය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.
පාස්කු ප්‍රහාරයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන් තීන්දුවෙන් මෙන්ම, මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් කැනේඩියානු රජය විසින් පැනවූ සම්බාධකවලින් පිළිවෙළින් රාජ්‍ය පාලනයේදී වගවීමේ වැදගත්කම, ජාතික වශයෙන් මෙන්ම අන්තර්ජාතික වශයෙන් ද ප්‍රකාශ වී තිබේ. අහිංසක පුද්ගලයන් පන්සියයකට වැඩි පිරිසකට ජීවිත හා අත් පා අහිමි කිරීමට හේතු වූ ප්‍රහාරය හමුවේ, වගකීම් පැහැර හැරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ආරක්ෂක ධුරාවලියේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් සිව්දෙනකු වගකිව යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ. රටේ ජන ජීවිතය තුළ දඬුවම නියමාකාරයෙන් ක්‍රියාත්මක නොවන සහ වගවීම පැහැරහරින සන්දර්භයක් තුළ මෙය සුවිශේෂී තීරණයකි.
දිගු කලක් තිස්සේ රජයේ ඉහළ තනතුරු ලබා ගැනීම, මැතිවරණ ජයග්‍රහණය කළ හෝ දේශපාලන බලය දරන පුද්ගලයන් සමග සමීපව ඇසුරු කළ අය ලබන වරප්‍රසාදයක් ලෙස සැලකේ. ශ්‍රී ලංකාව තුළ, රජයේ ඉහළ තනතුරු දැරීම ජාතික අවශ්‍යතා වෙනුවෙන් සේවය කිරීමකට වඩා, ස්වයං අභිවෘද්ධිය වෙනුවෙන් සහ වෙනත් කාරණා සඳහා අනුග්‍රහය දැක්වීමේ අවස්ථාවක් ලෙසද සැලකේ. එල්ලවීමට ආසන්න ප්‍රහාරයක් පිලිබඳ පුන පුනා අනතුරු ඇඟවීම් සිදුකර තිබියදීත්, සිවිල් ජනතාව ආරක්‍ෂා කිරීමට කටයුතු නොකළ විනාශකාරී පිළිවෙත සම්බන්ධයෙන්, රටේ ඉහළම විධායක තනතුරු දැරූ සමහරකු වගකිව යුතු බවට රටේ ඉහළම අධිකරණ විසින් ලබාදුන් තීන්දුව ජාතික සාම කවුන්සිලය සාදරයෙන් පිළිගනී.
පසුගිය වසරේ රටට මුහුණදීමට සිදුවූ ආර්ථික කඩාවැටීම සම්බන්ධයෙන් මෙන්ම, ආර්ථිකය තවදුරටත් අර්බුදයට ගමන් කරමින් පවතින ආකාරය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ තවත් නඩු ගොනු කර ඇති බව අපි සිහිපත් කරමු. මෙම ආර්ථික අර්බුදය විසින් රටේ අති බහුතරයකගේ ජීවිත අවුල් කර ඇති අතර, සියයට හතළිහකට වැඩි ජනතාවක් දරිද්‍රතා රේඛාවෙන් පහළට ඇද දමා ඇත. පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් සිය ගණනක් වූ පිරිසකට සාධාරණය ඉටු වනු ඇතැයි අපි බලාපොරොත්තු වන ආකාරයෙන්ම, ආර්ථික බිඳවැටීමේ ගොදුරු බවට පත්වූ මිලියන ගණනකටද එම සාධාරණය ඉටුවනු ඇතැයි අපි අපේක්ෂා කරමු. හිතාමතා වැරදි කළමණාකරණයේ යෙදුණු සහ වංචාව යන ආර්ථික අපරාධවලට වැරදිකරුවන් වන අයද ඒ හා සමානව වගකිව යුතු අතර, ඔවුන්ගේ අපරාධවලටද වන්දි ගෙවීමට සැලැස්විය යුතුය.
පසුගිය කාලය තුළ වගවීමේ ගැටළු සම්බන්ධයෙන් කටයුතු කිරීමට අපොහොසත් වීමේ එක් ප්‍රතිවිපාකයක් වූයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සහ එක් එක් විදේශීය රාජ්‍යයන් විසින් වෙනවෙනම කටයුතු කිරීම යන දෙයාකාරයෙන්ම මානව හිමිකම් සම්බන්ධයෙන් අන්තර්ජාතික මැදිහත්වීම් සඳහා දොර විවර වීමයි. අන්තර්ජාතික මානව හිමිකම් උල්ලංඝණය කිරීම හේතුවෙන් හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ මෙන්ම, හමුදා නිලධාරීන් දෙදෙනකු ඉලක්ක කරගනිමින් සම්බාධක පනවන බව කැනේඩියානු රජය පසුගිය සතියේ ප්‍රකාශ කළේය. කැනේඩියානු රජය සිය ස්ථාවරය සාධාරණීකරණය කර ඇත්තේ, ශ්‍රී ලංකාව විසින් සිය දේශීය අධිකරණ ක්‍රියාදාමයන් හරහා එවැනි අපරාධ සම්බන්ධයෙන් වරදකරුවන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට අපොහොසත් වී ඇතැයි යන්න පදනම් කරගෙන ය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයද ශ්‍රී ලංකාවේ සිදුවූ ආර්ථික අපරාධ ඉස්මතු කර පෙන්වාදී තිබේ. ආර්ථික අපරාධ යනු දේශපාලන නායකයන් සහ ඔවුන්ගේ සගයන් විසින් රටේ වත්කම් සොරකම් කර රට තුළ හෝ විදේශයන්හි සඟවා තැබීමයි.මෙම අන්තර්ජාතික උවදුර සමඟ සටන් කිරීම සඳහා එක්සත් ජාතීන් විසින් ‘සොරකම් කළ වත්කම් ප්‍රතිසාධන වැඩසටහනක්’ (STAR) පවා ස්ථාපනය කර ඇත.සොරකම් කළ වත්කම් අයකර ගැනීම සඳහා ශක්තිමත් නීතියක් ගෙන ඒම වත්මන් පාලනයේ වගකීමක් වන අතර, රටේ හිස් භාණ්ඩාගාරය පිරවීම සඳහා එලෙස අයථා ආකාරයෙන් උපයාගත් වත්කම් නැවත ලබාගැනීමට හැකියාව පවතින නීති පද්ධතියක් අත්‍යවශ්‍ය වේ.
දැනටමත්, පසුගිය වසර පුරා දැඩි කම්පනයන්ට පත්ව සිටින ශ්‍රී ලාංකීය ජනතාවට, පසුගිය සතියේ සිදුවූ මෙම සිදුවීම් තවත් කම්පනයක් එක්කරනු ඇත. මෙම ව්‍යසනකාරී සිදුවීම්වල පවතින සුබදායක අංගය වන්නේ, වගවීමේ මූලධර්මය ශ්‍රී ලංකාවේ ආයතන තුළ සහ ජනතාවගේ විඥානය තුළට කිඳාබැසීමට ඉන් වැඩි ඉඩක් ලැබීමයි. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙන්නුම් කර තිබෙන ජාතික වගවීමේ යාන්ත්‍රණයන් සක්‍රීය කිරීමේ අවශ්‍යතාව, අන්තර්ජාතික මැදිහත්වීම් වැලැක්වීමට සහ ජාතික සංවර්ධනයට මග පෑදීමට උපකාරී වනු ඇත. මේ නිසා බලය සහ ජාතික නායකත්වය ලබාගන්නා පිරිස් විසින් රටේ සියලු ජනතාවට සහ ඔවුන්ගේ මානව හිමිකම්වලට අවඥා කරනු වෙනුවට, වගකීමෙන් යුතුව කටයුතු කරනු ඇතැයි ජාතික සාම මණ්ඩලය බලාපොරොත්තු වේ.
More Stories
“නව යුගයේ චීනයේ අන්තර්ජාල නීති රීති ගොඩනැගීම” පිළිබඳ ධවල පත්‍රිකාව නිකුත් කෙරේ
විවිධ රටවල් සමග මිත්‍රශීලි සහයෝගිතා සබඳතාව වර්ධනය කිරීමේ පදනම එකම චීනය ප්‍රතිපත්තිය බව චීනය පවසයි
චන්ද්‍රිකාගේ සිට ගෝඨාභය දක්වා: වැඩියෙන්ම ඩොලර් ලැබුණේ කාටද?