counter hit xanga
March 26, 2023

සිහිනයක් නොවු දහසක දෛනික වැටුප!

Last Updated on April 12, 2021 by Desman Chathuranga

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු දහස දක්වා වැඩි කිරිමට වැටුප් පරිපාලක සභාව තිරණය කිරිමත් සමග (09) දින තේ වතු සමාගම් විසින් වතු කම්කරුවන්ට දිනක වැටුප රු 900 ක් සහ අයවැය දිමනාව වශයෙන් රු 100 ක දිමනාවක් ඇතුළුව රු දහසක් ලබාදි තිබේ.

(09) දින වතු කම්කරුවන්ට රු දහසක වැටුප ලබා ගැනිමෙන් අනතුරුව (10) දින උදැසන තේ වතු ආශ්‍රිතව පිහිටි කොවිල් වල එම වැටුප ලබා දිමට කටයුතු කල සියළුම අයට ආශිර්වාද පතා පුජාවක් පවත්වා වතු වෘත්තිය සමිති වල ප්‍රාදේශිය නායකයින් සමග කිරිබත් අනුභව කරමින් සතුට පල කරනු ලැබු බවයි හැටන් අප වාර්තාකරු සදහන් කළේ.

රු දහස වැටුප ලබාදිම සම්බන්ධයෙන් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රජයේ පාර්ශවයට , වතු කම්කරුවන් නියෝජනය කරන වෘත්තිය සමිති වලටත් වතු කම්කරුවන් සිය හෘද්‍යාංගම ස්තුතිය ද එහිදි පුද කර තිබේ.