Last Updated on June 23, 2021 by Panduka Herath
X-Press Pearl නෞකා විනාශය හේතුවෙන් පීධාවට පත් ජනතාවට සහන ලබාදිම සදහා European Union (යුරෝපා සංගමය) සිය මානුෂීය අරමුදල හරහා මිලියන 48 ක මුදලක් පරිත්‍යාග කර තිබේ.
කොළඹ,ගාල්ල,ගම්පහ,කළුතර,පුත්තලම සහ මාතර යන දිස්ත්‍රික්ක වල පීධාවට පත් 15,000 කට මෙම ආධාර ලබා දිමට නියමිතයි.
මෙම යුරෝපා සංගම් අරමුදල් මඟින් ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානයට මුදල් ආධාර ලබා දීම හරහා වඩාත් පීඩාවට පත් වූවන්ට, විශේෂයෙන් කුඩා පරිමාණ ධීවර ප්‍රජාවන්ට හදිසි සහන ලබා දීමට කටයුතු කරනු ඇත.
X-Press Pearl නෞකා විනාශය හේතුවෙන් පැනවු ධීවර තහනම නිසා එදිනෙදා ජීවනෝපායන් කෙරෙහි බලපෑම් ඇති කළ අයගේ ක්ෂණික අවශ්‍යතා සපුරාලීම මෙහි ප්‍රධාන අරමුණ වි තිබේ. ඊට අමතරව වෙරළ තීරයේ අන්තරායකර හා විෂ සහිත ද්‍රව්‍ය පිරිසිදු කිරීමට පළාත් පාලන ආයතනවලට සහාය වීම කෙරෙහි ද මෙම ආධාර යෙදමිට නියමිතයි.
More Stories
21ක යන්නේ මොන පාරේද?
දේශබන්දුගේ වැඩ තහනම් කරනු!
පෝලිම් නැති කරන්න, $ මිලියන 500 පංගුකාරයෙක් වෙන්න