counter hit xanga
February 3, 2023

හදිසි තත්ත්වයකට සියල්ල සුදානම්!

Last Updated on May 10, 2021 by Desman Chathuranga

කොරෝනා වසංගතය හමුවේ නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම හෝ හුදෙකලා කිරිමක් සිදුකළ හොත් ජනතාවට අවශ්‍ය භාණ්ඩ හා සේවා සැපයීම අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා බෙදාහැරීමේ යාන්ත්‍රණයක් සකස් කර තිබීම අත්‍යාවශ්‍ය බව දන්වමින් සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්, දිසාපතිවරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත උපදෙස් ලබා දි තිබේ.ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරිම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකාය විසින් විශේෂ මෙම දැනුම් දිම සිදුකර තිබේ.

ඒ අනුව නිවෙස් සඳහා අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදා හැරීම සඳහා අදාළ ආයතන, බෙදාහැරීම් ජාල සහ ග්‍රාමීයව බෙදාහරින්නන් සමග සාකච්ජා කොට සකස් කරන ලෙස දැනුම්දී තිබේ.ඊට අමතරව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ ජංගම වෙළඳාම සඳහා ප්‍රාදේශීය ලේකම් විසින් ජංගම වෙළඳ බලපත්‍ර ලබාදිම සහ ජලය, විදුලිය, ගෑස්, ඉන්ධන, පෞද්ගලික සෞඛ්‍ය සේවා, සන්නිවේදන, අපද්‍රව්‍ය කළමනාකරණ සහ හදිසි ආපදා තත්ත්ව කළමනාකරණ සේවා අඛණ්ඩව පවත්වාගෙන යෑම සම්බන්ධයෙන්ද ඒ හරහ අවධානය යොමුකර තිබේ.

කෙසේ වෙතත් මුළු රටම හුදකලා කිරීමේ අවශ්‍යතාවක් දැනට පැනනැගී නැතැයි රජය මේ වනවිටත් තීන්දුවක් ගෙන තිබේන අතර බොහෝවිට ඇතැම් දිස්ත්‍රික්කයක් හෝ ප්‍රදේශයක් ආවරණය වන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම හෝ හුදෙකලා කිරිමක් සිදු කිරිමට වැඩි අවස්ථාවක් පවති.