counter hit xanga
March 28, 2023

චීන පක්ෂ සම්මේලනය අතරතුර සිදුවුයේ කුමක්ද?

Last Updated on October 23, 2022 by Desman Chathuranga

චීනයේ හිටපු ජනාධිපතිවරයෙකු වන Hu Jintao හූ ජින්ටාඕ ව අද (22) එරට පාර්ලිමේන්තුව වන Great Hall හී ඔහු වාඩි වී සිටි අසුනෙන් බලහත්කාරයෙන් ඉවත් කරන දර්ශණ ගෝලීය වශයෙන් අවධානයට ලක්ව තිබේ.හිටපු ජනාධිපතිවරයා එලෙස ගෙන යාමට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැති වුවත් චීන දේශපාලනය අභ්‍යන්තරයේ සිදුවන බල අරගලයක් හේතුවෙන් මේ දේ වෙන්නට ඇති බවටයි දේශපාලන මතධාරීන්ගේ අදහස වි ඇත්තේ.

2003 සිට 2013 දක්වා කාලය තුළ ජනාධිපති ධුරය දැරූ හූ ජින්ටාඕ Great Hall හී ඔහු වාඩි වී සිටියදී නිලධාරීන් දෙදෙනෙකු ඔහු වෙත පැමිණියේය. ඔහු ආපසු හිස සැලූ ෂී ජින්පිංට යමක් කීවේය.එවිට ඔහු මහජන මහා ශාලාවෙන් පිටතට ගෙන යන ලදී.

හිටපු ජනාධිපතිවරයාව ඉවත් කරන වේලාවේ අවස්ථාවේ ඔහු ළඟ සිටි වත්මන් ජනාධිපතිවරයා වන ෂී ජිං පිංග් ද රැඳී සිටි අතර හිටපු ජනාධිපතිවරයා වත්මන් ජනපතිට තට්ටුවක් දාලා යමක් පවසන ආකාරයත් වීඩියෝවේ සටහන්ව තිබුණා.

චීන කොමියුනිට්ස් පක්ෂය විසින් වත්මන් ජනාධිපතිවරයාව නැවත වතාවක් බලයට පත් කිරීම ගැන අදහස් පළ කරමින් සිටින අවස්ථාවක මේම සිදුවිම ආන්දෝලනයකට තුඩු දි තිබේ.

චීන රාජ්‍ය ප්‍රවෘත්ති වෙබ් අඩවියක් වන Xinhua වාර්තා කළේ, සැසිය අතරතුර හූ ජින්ටාඕ සනීප නොවූ බවයි. ඔහුගේ කාර්ය මණ්ඩලය පසුව සැසියේ සිට විවේක ගැනීම සඳහා ඔහු සමඟ ගිය බවත්, ඔහු දැන් “වඩා හොඳ” බවත් එහි සඳහන් විය.

චින ජනාධිපති ෂී ජින්පිංට Xi Jinping දැනට කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම්, ජනාධිපති සහ ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානියා යන තනතුරු ඒකාබද්ධ කර තිබේන අතර ඔහු උත්තරීතර නායකයා ලෙසද හැඳින්වේ.

ඉරිදා ඔහු මහලේකම් ලෙස තුන්වන වරටත් නිල වශයෙන් තහවුරු කර ඔහුගේ නව නායකත්ව කණ්ඩායම එළිදක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.2018 දී ඔහු ජනාධිපතිවරණ වාර දෙකක සීමාව අහෝසි කළේ ඔහුට දින නියමයක් නොමැතිව පාලනය කිරීමට මග පාදමිනි.