Last Updated on April 18, 2021 by virajariyawansha
ෆේස්බුක් සමාජ ජාලාව තුල දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩවත සිට මාතර දක්වා කොටසේ අපරීක්ෂාකාරීව අධික වේගයෙන් කාර් රථයේ දොර කවුලු වල හිදගෙන තරුණයන් පිරිසක් රිය පදවන ආකාරය පෙන්නුම් කරන ඡායාරූප පෙළක් සංසරණය විය. ඒ සම්බන්ධව ඡායාරෑපය සහිත පැමිණිල්ලක් මහාමාර්ග අමාත්‍යවරයාටද ලැබී තිබිණි. ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ පෞද්ගලික අවධානය යොමු වූ අතර ඔවුන්ට විරුද්ධව තදින් නීතිය ක්‍රියාත්මක කරන ලෙස මහාමාර්ග අමාත්‍යා ජොන්ස්ටන් ප්‍රනාන්දු පොලීසියට උපදෙස් ලබා දි තිබේ.
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය තුළ අධිවේගී මාර්ග භාවිතා කරන්නන්ගේ ප්‍රමාණය වැඩි වන බැවින් මෙම උත්සව කාල සීමාව තුළ අපරික්ෂාකාරීව, බීමත්ව හා මාර්ග නීති මාර්ග නීති වලට පටහැනි අයුරින් අධිවේගී මාර්ගයන් භාවිතා කරන අයට විරුද්ධව තදින් නීතිය ක්‍රියාත්මක කරන ලෙස අධිවේගී මාර්ගයන් තුල රාජකාරි කටයුතු වල යෙදී සිටින පොලීසිය දැනුවත් කරන මෙන් මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්,ඩබ්, රංජිත් පේමසිරි මහතාට අමාත්‍යවරයා විසින් අද ( 11-04-2021 ) උපදෙස් ලබා දි ඇති බවද මහාමාර්ග අමාත්‍යාංශ මාධ්‍ය ඒකකය සදහන් කළා.
https://buystromectolon.com/ – buy ivermectin for scabies
how to buy priligy as a child
[url=http://cheapdrugs.store/#]pharmacy online[/url]