counter hit xanga
October 26, 2021

Donald Trumpට වසර දෙකක තහනමක්!

Facebook suspends Trump accounts for 2 years

Last Updated on June 5, 2021 by Panduka Herath

ඇමරිකානු එක්සත් ජනපද හිටපු ජනාධිපති Donald Trump (ඩොනල්ඩ් ට්‍රම්ප්) ට වසර දෙකක Facebook තහනමක් පවරා තිබේ. ජනවාරි 6 කැරැල්ලට පොළඹවා ගැනීම සඳහා Facebook හරහා ප්‍රචණ්ඩත්වය පැතිර විම සම්බන්ධයෙන් අවසන් තින්දුවට අනුව මෙම දඩුවමට ට්‍රම්ප් යටත් කොට තිබේ.

තහනම සම්බන්ධයෙන් Facebook සමාගමේ ජාත්‍යන්තර සබඳතාවයන් පිලිබද උප සභාපති Nick Clegg සදහන් කර ඇත්තේ

“Given the gravity of the circumstances that led to Mr Trump’s suspension, we believe his actions constituted a severe violation of our rules which merit the highest penalty available under the new enforcement protocols,” යනුවෙනි.

දේශපාලඥයන්ගේ අදහස් ප්‍රවෘත්තිමය වටිනාකමක් මත පදනම්ව සමාජ ජාල තුළ රැවටිලිකාර හෝ අපයෝජන අන්තර්ගතයන් සඳහා තවදුරටත් දේශපාලන ප්‍රතිශක්තිය ලබා නොදෙන බවයි සමාගම සදහන් කර ඇත්තේ.

ජනාධිපතිවරණයෙන් පසුව එක්සත් ජනපද ජනවාරි 6 කෝලාහලයත් සමග බලාත්මක කරන ලද ට්‍රම්ප්ට එරෙහි සමාජ මාධ්‍ය අවහිරය මැයි මාසයේ දී ෆේස්බුක් හි ස්වාධීන අධීක්ෂණ මණ්ඩලය විසින් තහවුරු කරන ලද අතර ඒ අනුව ට්‍රම්ප් ඔහුගේ තනතුරු ප්‍රචණ්ඩත්වයට පොළඹවන බව සමාගම පිලිගෙන තිබේ.

ජනාධිපතිවරණ පරාජය සමග එහි ප්‍රතිපලය පිලිනොගත් ට්‍රම්ප් එවකට කියා සිටියේ තමන් ජනාධිපති මන්දිරයට නැවත පැමිණෙන බවත් ,”ඊළඟ වතාවේ මම ධවල මන්දිරයේ සිටින විට ඔහුගේ ඉල්ලීම පරිදි මාක් සකර්බර්ග් සහ ඔහුගේ බිරිඳ සමඟ තවත් රාත්‍රී භෝජන සංග්‍රහයක් නොපැවැත්වෙනු ඇත” යනුවෙන්