counter hit xanga
March 26, 2023

පස්සේ දොරේ නායකයෝ යුක්තිය ඉටු කරන්නේ නෑ!

Last Updated on October 17, 2022 by Desman Chathuranga

ජනතා කැමැත්ත නොමැතිව බලයට ආ පාලකයන් පාස්කු ප්‍රහාරය වෙනුවෙන් යුක්තිය කිසිදිනක ඉටු කරනු ඇතැයි විශ්වාස කළ නොහැකි බව අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු පවසනවා.

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් මේ බව පවසතා ඇත්තේ බටපත්තල සාන්ත තෙරේසා දෙව් මැදුරේදී ඊයේ (16) පැවති ජුබිලි මංගල මහා දිව්‍ය යාගය වාර්ෂික මංගල්‍යයට එක්වෙමිනි.

2019 අප්‍රේල් 21 වැනිදා ප්‍රහාරයෙන් දිවි අහිමි වූවන්ට මෙතෙක් සාධාරණයක් ඉටුවී නැතැයි කී අගරදගුරුතුමෝ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව, පොලීසිය හා නීතිපති දෙපාර්තමේන්තුව කයිවාරු ගැසුවත් මේ සම්බන්ධයෙන් කිසිවක් කර නැතැයිද  ප්‍රකාශ කර සිටියා.

එම විනාශයෙන් පසු හිටපු ජනාධිපතිවරයා පත්කළ උසස් නිලධාරීන් තිදෙනකුගෙන් යුත් කමිටුව, වත්මන් ජනාධිපතිවරයා අගමැති ලෙස සිටියදී පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව මෙන්ම හිටපු ජනාධිපතිවරයා පත්කළ ජනාධිපති කොමිෂන් සභාවෙන් ආ නිර්දේශවලින් කිසිවක් ක්‍රියාත්මක වී නොමැති බව පෙන්වා දුන්නා.