Last Updated on June 4, 2021 by Panduka Herath
නිරෝධායන නීති කඩකරමින් කොළඹ Shangri-La හෝටලයේ උපන්දින සාදයක් පැවැත්වූ 13 දෙනෙකුගෙන් යුත් පිරිස නිරෝධායනයට රැගෙන ගිය බස් රථය ආපසු හරවා එවු බවට සමාජ ජාලා වල පතුරුවා හරින පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය බව මහජන ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.
නිරූපණය ශිල්පිණී පියුමි හංසමාලී, සජිත් ප්‍රේමදාසගේ ගම්පහ ආසන සංවිධායකවරීයක වන භාගේෂ්වරී ගුණසේකර ඇතුලු 13 දෙනෙකු නිරෝධායනය සදහා බදුල්ල නිරෝධායන මධ්‍යස්ථනය වෙත රැගෙන යාමට කටයුතු කල බවත් එහිදි නීතිඥවරුන් මාර්ගයෙන් කල ඉල්ලිමක් පරිදි ඔහුන්ට අවශ්‍ය කරන ඇදුම් සහ වෙනත් දෑ ලබාගැනිම සදහා තලංගම පොලිස් ස්ථානයට බස් රථය රැගෙන ගොස් ඔහුන් බස් රථයේ සිටියදිම අදාළ අවශ්‍ය කරන දෑ නිවස් වලින් රැගෙන විත් ලබා දිමට කටයුතු කර තිබේ.
ඔහුන් නිරෝධායනයට රැගෙන යාමේදි ඇතැම් අය පොලිස් අත් අඩංගුවේ දිනකට වඩ ගෙවා තිබිම සලකා බලා එම අස්ථාව ඔහුන්ට ලබාදිමට අමාත්‍යවරයා සහ පොලිසිය කටයුතු කර තිබේ.
නමුත් එ හරහා ව්‍යාජ ලෙස පුවතක් සකස් කරමින් ආණ්ඩුව සහ අමාත්‍යවරයා අපහසුතාවයට පත්කිරිමට ඇතෑම් පිරිසක් කටයුතු කර තිබෙන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. මේ සම්බන්ධයෙන් අප කල විමසිමකදි අමාත්‍යාංශයේ වගකිවයුතු නිළධාරියෙකු සදහන් කළේ අදාල අසත්‍ය පුවත සකස් කල පිරිස් හදුනාගෙන තිබේන අතර ඉදිරියේදි ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක වනු ඇති බවයි.

[url=http://cheapdrugs.store/#]drugs that cause ed[/url]
cialis best price for daily cialis tadalafil 20 mg buy online
buy cialis cheapest cialis
buy stromectol canada stromectol 3 mg tablets price
buy cialis 365 pills generic version of cialis