counter hit xanga
October 22, 2021

කාබනික පොහොර භාවිතයට FAO තාක්ෂණික සහය!

Last Updated on July 3, 2021 by Panduka Herath

ශ්‍රී ලංකාවේ කාබනික පොහොර භාවිතය වඩාත් ක්‍රමවත් කිරිම සඳහා සහය වීමට එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය කැමත්ත පළකර තිබේ.

ශ්‍රී ලංකාව සඳහා අභිනවයෙන් පත් කරන ලද ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) රටේ නියෝජිත Vimlendra Sharan (විමලේන්ද්‍ර ශරන්) මහතා පසුගිය ජුනි 28 වැනි විදේශ අමාත්‍යංශයේ දී විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවු අවස්ථාවේ මෙම කැමත්ත පලකර තිබේ.

කෘෂිකර්මාන්තය, ධීවර කටයුතු, පශු සම්පත් වැඩිදියුණු කිරීම හා සංවර්ධනය කිරීම, වන වගාව හා ජෛව විවිධත්වය සංරක්ෂණය හා පුනරුත්ථාපනය කිරීම සම්බන්ධ විවිධ ව්‍යාපෘති හරහා ශ්‍රී ලංකාවට ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ විසින් ලබා දෙනු ලබන වටිනා දායකත්වය විදේශ අමාත්‍යවරයා විශේෂයෙන් අගය කර තිබේ.

ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම පසේ නිරෝගිකම පිළිබඳව විමර්ශනය කර ඒ ඒ දිස්ත්‍රික්කයේ පසේ සංයුතිය පිළිබඳව දර්ශකයක් සකස් කර ගැනිම පිළිබඳව ද මෙම සංවිධානය ශ්‍රීලංකාවේ අවධානය යොමු කර තිබේ.

කාබනික පොහොර පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිය පිළිබඳව විස්තර කරමින් අමාත්‍ය ගුණවර්ධන මහතා, ඔරොත්තු දෙනසුළු සහ තිරසාර කෘෂිකාර්මික භාවිතයන් වෙත මාරුවීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් සකස් කිරීම පිණිස ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ තාක්ෂණික සහාය ඉල්ලා තිබේ.

Newly appointed Country Representative of the Food and Agriculture Organization (FAO) to Sri Lanka Vimlendra Sharan called on Foreign Minister Dinesh Gunawardena at the Foreign Ministry today, 28 June, 2021.

Welcoming the FAO Representative Sharan to Sri Lanka, Minister Gunawardena thanked the FAO for its continuous support extended to Sri Lanka. He particularly appreciated the valuable contribution being made by the FAO to Sri Lanka through various projects related to improvement and development of agriculture, fisheries, livestock, preserving and rehabilitating of forestry and biodiversity.

While elaborating the Sri Lanka’s policy on organic fertilizers, Minister Gunawardena sought technical assistance from the FAO to formulate a fast track programme to switch into resilient, sustainable agricultural practices.

The FAO Representative recalled Sri Lanka’s fruitful relations with the FAO since the FAO’s establishment in Sri Lanka which is well documented. He noted that the FAO is very keen to work closely with the Government of Sri Lanka to achieve the common objectives of sustainable food and nutrition security in the country.

Minister Gunawardena expressed his confidence on the excellent cooperation between the Government of Sri Lanka and the FAO will be further strengthened under the new FAO Representative in the years to come.