counter hit xanga
October 22, 2021

කොස්ගොඩ තාරක පිස්තෝලය උදුරාගෙන වෙඩි තැබුවා! මර බියෙන් මම වෙඩි තැබුවා!

Last Updated on June 13, 2021 by Panduka Herath

“ප්‍රධාන පොලිස් පරීක්ශකවරයා අතේ තිබුනු පිස්තෝලය උදුරා ගැනීමට එක පාරටම කොස්ගොඩ තාරක පොරබැදුවා” ඒ අවස්තාවේ වෙඩි ශබ්ද කිහිපයක් ඇසුනා.පතිරාජ සූරිය, “මට වෙඩි වැදුනා” කියනවාත් සමග මට මාරක බියක් ඇතිවී මා අත තිබූ පිස්තෝලයෙන් වෙඩි දෙකක් තැබුවා” යැයි කොලඹ උතුර ( පෑලියගොඩ ) අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත ධර්මකීර්ති මහතා අධිකරණය හමුවේ කියා සිටියා.

පාතාල නායකයකු වශයෙන් සිටි ධර්මකීර්ති තාරක පෙරේරා විජේසේකර හෙවත් “කොස්ගොඩ තාරක” නැමැත්තා මීරිගම රේන්දපොල ප්‍රදේශයේදී පසුගිය මැයි 13 වැනිදා පොලිස් වෙඩි තැබීමකින් මියයාම සම්බන්දව මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ශි සටහන් කර ගැනීම සිදු කර කල අවස්ථාවේ පොලිස් පරීක්ෂක ජයන්ත ධර්මකීර්ති මහතා සාක්ෂී ලබා දෙමින් මේ බව කියා සිටියා.

“අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ රදවා සිටි කොස්ගොඩ තාරක විසින් සගවා ඇති අවි ආයුධ තොගයක් පිලිබදව පුද්ගලික තොරතුරක් ලැබුනා මේ අනුව වැඩි දුර පරීක්ෂණ පැවැත්වීම සදහා කොස්ගොඩ තාරක අප බාරයේ රදවා ගැනීම සදහා අප කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂවරයා මගින් ලිඛිත ඉල්ලීමක් කලා.එම ඉල්ලීමට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ සිටි කොස්ගොඩ තාරක අප බාරයේ රදවා ගෙන වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතු රැදවුම් නියෝගය අප වෙත ලැබුනා.

මේ අනුව පසුගිය මැයි 12 දා මම ඇතුලු නිලධාරින් කන්ඩායමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් සැකකරු අප බාරයට ගත්තා.එදින පෙරවරු 11.45ට පමණ කොස්ගොඩ තාරක පෑලියගොඩ අපරාධ කොට්ඨාසයට ගෙන ආවා.

වේයන්ගොඩ පොලීසියේ පොලිස් පරීක්ෂක සුනිල් ප්‍රේමරත්න මහතා: “කොස්ගොඩ තාරක මොන වගේ පුද්ගලයෙක්ද?”

පොලිස් පරීක්ෂක ජයන්ත ධර්මකීර්ති මහතා: “මිනිස් ඝාතන 13ක්ද,මංකොල්ලකෑම් ඇතුලු අපරාධ විශාල ගනනක් සිදුකොට ඇති පුද්ගලයෙක් වෙනවා ඊට අමතරව කොටි ත්‍රස්තවාදීන් සමග අවි ගනුදෙනු කර තිබෙනවා.ඒ පිලිබදව විමර්ශන වලදී හෙලි උනා.”

“අපි කොට්ඨාසයේදී කොස්ගොඩ තාරකගෙන් ප්‍රකාශයක් ලබාගත්තා.එම ප්‍රකාශයට අනුව අත්තනගල්ල හුණුපොල ස්නයිපර් වර්ගයේ ගිනිඅවියක් සගවා තිබෙන බවටත්,අත්තනගල්ලේ තවත් අවි සගවා තිබෙන බවටත් හෙලිඋනා.මේ අනුව අපි නිලධාරින් කන්ඩායම් 2ක් ජීප් රථයකින් හා පුද්ගකිල වෑන් රථයකින් අත්තනගල්ල හුණුපොල බලා පිටත් උනා.

වෑන් රථයේ මම රියදුරු අසුනට වම් පැත්තෙන්,පිටිපස අසුනේ ප්‍රධාන පොලිස් පරීක්ෂක පතිරාජ සූරිය හා උප පොලිස් පරීක්ෂක බණ්ඩාර නිලධාරිනුත් මැද කොස්ගොඩ තාරකත් හිටියා.අපි එදින ( 12 වැනිදා) පස්වරු 6.30ට පමණ අත්තනගල්ල හුණුපොලට ගියා.නමුත් ඔහුගේ ප්‍රකාශ අනුව අවි සොයාගැනීමට අපහසු උනා.ඊට පසුව අත්තනගල්ල බලා පිටත් උනා.

අපි අහුංගල්ල බලා ගියේ අධිවේගී මාර්ගයෙන්.අපි සැකකරුගේ මග පෙන්වීම යටතේ අහුංගල්ලේ සුසාන භූමියකට එදින රාත්‍රී 8.20ට පමණ ගියා.

සැකකරුගේ පෙන්වාදීම අනුව සුසාන භූමියේ ස්ථානයක ගල් කැට කීපයක් ඉවත් කරා එක වලක්,ඒ තුල පොහොර කවරයක් තිබී ගොඩට ගත්තා.එය පරීක්ශා කිරීමේදී ටී-56 ගිනි අවි 4ක්,එම උන්ඩ 58ක් අඩංගු මැගසින් 4ක් තිබුනා.එම අවි සොයාගැනීමෙන් පසුව අපි ආපසු ඒමට පිටත් උනා.

ඒ එන අතරමගදී ස්නයිපර් අවිය පිළිබඳව කොස්ගොඩ තාරකගෙන් ප්‍රශ්න කළා.ඒ අවස්ථාවේ ඔහු කීවා එම අවිය අත්තනගල්ල හුණුපොල සඟවා ඇති බවට කලින් කීවේ බොරුවක්,ඒ සඟවා තිබෙන්නේ මීරිගම දිවුලපිටිය පාරේ ස්ථානයක කියා.මේ අනුව අප දිගටම මීරිගම බලා පිටත් වුනා.අප වාහන දෙකම ආවේ ඌරාපොල පැත්තෙන්.ඒ එන අතර ඌරාපොල ජෑම් පැක්ටරිය අසල විවේකයක් ගැනීම සඳහා වාහන දෙකම නවතාගෙන සිටියා.

නැවත අපි මීරිගම යාම සඳහා පාන්දර 03.45 ට පමණ පිටත් උනා.පස්යාල මීරිගම මාර්ගයෙන් මීරිගමට පැමිණ මීරිගම බෝගස අසලින් වමට හැරී දිවුලපිටිය මාර්ගයේ ටික දුරක් එන වුට කොට දෙනියාව මාර්ගයට හැරෙන තැන පසුවී මිටර් කිහිපයක් දුරින් වමට හැරී ඇති අතුරු මාර්ගයක අප වාහන දෙකම යද්දී කොස්ගොඩ තාරක කීවා අන්න අර ගහ ලඟ තමයි ස්නයිපර් අවිය තිබෙන්නේ කියා.

ඔහුගේ එම ප්‍රකාශයට අනුව අප වාහන දෙකම නවතා කොස්ගොඩ තාරකත් සමග එම ස්ථානයට යාම සඳහා බිමට බැස්සා පතිරාජසූරිය නිළධාරියා ඔහුගේ වම් අතින් අල්ලගෙන පයින් ගියා.එක පාරටම තාරක, පතිරාජසූරිය නිළධාරියා අත තිබූ පිස්තෝලය උදුරා ගැනීම සඳහා පොර බැදුවා.ඒ අවස්ථාවේ වෙඩි උන්ඩ කිහිපයක් පිට වෙන ශබ්ද ඇසුනා.

ඒ සමගම මට වෙඩි වැඩුනා කියා පතිරාජසූරිය නිළධාරියා කීවා.මේ අවස්ථාවේ මට මරණ බියක් ඇති වුනා.මම ඒ මොහොතේ මගේ පිස්තෝල අවියෙන් වෙඩි දෙකක් තිබ්බා.ඒ සමගම තාරක බිම වැටුනා.ඒ මොහොතේම තුවාල වී වැටී සිටි පතිරාජසූරියත්,තාරකත් මීරිගම රෝහලට රැගෙන ගියා.පතිරාජසූරිය නිලදාරියා එතනින් ශල්‍යකර්මයක් සිදුකිරීම සඳහා වතුපිටිවල රෝහලට රැගෙන ගියා. තාරක මියගොස් ඇති බව දැනගන්නට ලැබුනා.

පොලිස් පරීක්ෂක සුනිල් ප්‍රේමරත්න මහතා : ” මේ කොස්ගොඩ තාරක කියන්නේ කවුද? ඔහු ගිනිඅවි පිළිබඳව පුහුණුවක් ලබා තිබෙන අයෙක්ද?

පොලිස් පරීක්ෂක ජයන්ත ධර්මකීර්ති මහතා :” ඔව්,ඔහු යුද හමුදාවේ විශේශ කාර්‍ය බලකායේ හිටපු සොල්දාදුවෙක්.ඔහු තමා මාතර නිලේකා රන් භාණ්ඩ කොල්ලකෑමේ සිද්දියේදී නිරායුධව සිටි පොලිස් නිලදාරියෙකු වෙඩි තබා මරා දැමුවේ.ඒ බියටම තමා මම වෙඩි තිබ්බේ”

පොලිස් පරීක්ෂක සුනිල් ප්‍රේමරත්න මහතා : “තුවාලකාර පොලිස් නිලදාරියා හා තාරකව රෝහලට රැගෙන ගියේ කුමකින්ද?

පොලිස් පරීක්ෂක ජයන්ත ධර්මකීර්ති මහතා : “වෑන් රථයෙන් රෝහලට යැව්වා”

පොලිස් පරීක්ෂක සුනිල් ප්‍රේමරත්න මහතා : “ඊටපසු ඔබ මොකද කළේ?

පොලිස් පරීක්ෂක ජයන්ත ධර්මකීර්ති මහතා : “පොලිස් පරීක්ෂක අජිත් සේනානායක නිළධාරියා ඇතුලු නිළධාරීන් තිදෙනෙකු එම ස්ථානයේ ආරක්ෂාවට යොදවා මම මීරිගම පොලීසියට ගොස් එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත මහතාට සිද්දිය දැනුම් දුන්නා.

පොලිස් පරීක්ෂක සුනිල් ප්‍රේමරත්න මහතා : “ඔය වෙලාව කීයට විතර ඇතිද? “

පොලිස් පරීක්ෂක ජයන්ත ධර්මකීර්ති මහතා : පාන්දර 04.25 ට විතර ඇති.පොලිස් කොස්තාපල් බණ්ඩාර නිලදාරියා තමයි මීරිගම රෝහලේ සිට පාන්දර 04.40 ට පමණ තාරක මියගිය බවත් පතිරාජසූරිය නිලදාරියා වතුපිටිවල රෝහලට රැගෙන යාමට සූදානම් කොට ඇති බවත් දැනුම් දුන්නේ.