counter hit xanga
October 26, 2021

පැන්නේ සිරිකොත අල්ලන්න! අන්තිමට පක්ෂයේ බලයත් නෑ!

Last Updated on June 12, 2021 by Panduka Herath

එක්සත් ජාතික පක්ෂය සහ සිරිකොත අල්ලා ගන්නා බවට පුරසාරම් දෙඩූ අයට වසරක් ගත වීමට මත්තෙන් හදා ගත් පක්ෂයේ බලය වත් තහවුරු කර ගැනීමට නොහැකි වීම දේශපාලන ඛේදවාචකයක් බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මූලිකත්වයෙන් ZOOM තාක්ෂණය ඔස්සේ එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයන් සමඟ ඊයේ (10) පෙරවරුවේ පැවති සාකච්ඡාවකදී වජිර අබේවර්ධන මහතා කියා සිටියේ ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේම කිසිම රටක විපක්ෂ නායකවරයකු සිය තනතුර සඳහා විශ්වාසය පළ කර ගැනීමක් මීට පෙර කර නැති බවයි.

විපක්ෂ නායක ධුරයේ සිටින්නකු කළ යුත්තේ ඒ තනතුරට විශ්වාසය පළ කර ගැනීමක් නොව අගමැති හෝ ජනපති තනතුරුවලට පත් වීම සඳහා ජනතා විශ්වාසය දිනා ගැනීම බවද අබේවර්ධන මහතා සඳහන් කළේය.

නායකත්ව අර්බුදයක සිර වී සිටින සමඟි ජන බලවේගය පාඨලී චම්පික රණවක වැනි නායකයන් බලවේගය තුළින්ම බිහි වීමට මාර්ගය සැලසී ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.

එක්සත් ජාතික පක්ෂය කිසිදු පක්ෂයක අර්බුදවලට මැදිහත් නොවන බව කී අබේවර්ධන මහතා එජාපය පෙනී සිටින්නේ ජනතා අර්බුද වෙනුවෙන් පමණක් බවද සඳහන් කර සිටියා.