Last Updated on November 11, 2022 by Desman Chathuranga
ශ්‍රී ලංකාවේ වැරදි බදු ප්‍රතිපත්තිය නිසා ශ්‍රී ලංකාවේ මුදල් විදේශීය සිගරට් සමාගම් වලට අසීමිත ලෙස ඇදීයන බවටත්, පසුගිය වසර තුනේ දී රටට අහිමිවූ, සමාගම් අසාධාරණ ලෙස විදේශයන්ට රැගෙන ගිය මුදල රුපියල් බිලියන 100 ක් බවටත් අනාවරණයක් …
සිගරට් සමාගමට බදු පැනවීමේ ක්‍රියාවලිය නිසි පරිදි සිදු නොකෙරෙන්නේ මහා පරිමාණ අතයට ගණුදෙනුවක් නිසා බවට සැකයක් ඇතැයි ADIC ආයතනයෙන් ප්‍රකාශයක් …
ඉතා අවිද්‍යාත්මක, නොගැලපෙන, සිතා මතා සිදු කරන ක්‍රියාකාරකම් නිසා ශ්‍රී ලංකාවේ මුදල් අති විශාල ප්‍රමාණයක් ඇමරිකන් – බ්‍රිතාන්‍ය සිගරට් සමාගමට ඇදී යන බව මධ්‍යසාර සහ මත්ද්‍රවය තොරතුරු මධ්‍යස්ථානයේ (ADIC) විධායක අධ්‍යක්ෂ පුබුදු සුමනසේකර කියයි. එම විදේශීය සමාගමේ අයිතිය 90% කට වඩා සැබෑ ලෙසම ඇත්තේ විදේශයන්ටයි. රටේ මුදල් ශ්‍රී ලංකාවේ නමින් ව්‍යාජව පෙනී සිටින සමාගමකට කොල්ලකෑමට පරිසරය සකසා දිගින් දිගටම මුදල් අමාත්‍යාංශය අසාධාරණ ලෙස ක්‍රියාත්මක වීම රට අපහසුතාවට පත් වී තිබෙන මොහොතේ දැඩිව බලපාන අපරාධයක් බවද සුමනසේකර පෙන්වා දෙයි.
සිගරට් මත බදු පැනවීම ගැන සාධනීය අදහස් කලකට පෙර පාර්ලිමේන්තුවේදී පලවූ නමුත් අද වන තුරු ඒවා ක්‍රියාත්මක කිරීමට හෝ ඉදිරියට ගෙන යාමට කිසිවෙකු ඉදිරිපත් වී නොමැත. බ්‍රිතාන්‍ය – ඇමරිකා දුම්කොළ සමාගමට අනියම් වාසි සලසා තිබීම නිසා අදටත් වසරකට රුපියල් බිලියන 40 ක් පමණ ශ්‍රී ලංකාවට නිකරුණේ අහිමි වෙයි. ලංකාවේ රුපියල් ඩොලර් බවට පත් කරගෙන ඒවා සිය මව් රට වලට ගෙනයාම සිදුවේ. මෙසේ මෙරට ඩොලර් විදේශයන්ට ගෙන යද්දී ලංකාවේ ජනතාවට පමණක් බදු ගසා රජය අසාධාරණ ක්‍රියාවක් දිගින් දිගටම කරගෙන යන බවද සුමනසේකර චෝදනා කරයි.
මුදල් අමාත්‍යාංශය සම්පූර්ණයෙන්ම මීට වග කිව යුතු බව පෙන්වා දෙන සුමනසේකර, මුදල් අමාත්‍යාංශයේ කිහිප දෙනෙකුට අවශ්‍ය පරිදි මේ කටයුතු සිදු කිරීම පිළිබඳව ද තමන්ට ඇත්තේ විමතියක් බවද කියයි. මේ ක්‍රියාවලිය තුල මහා පරිමාණ දූෂණයක් සිදු වන බවට තමන්ට සාධාරණ සැකයක් පවතින බවත්, දුම්කොල සමාගම ගෙවිය යුතු බදු ජනතාවට ගෙවන්නට සලසා දී අනෙක් අත්‍යවශ්‍ය භාණ්ඩ වල බදු ඉහල දැමීම පිලිකුල් සහගත බවද සුමනසේකර අවධාරණය කර කියා සිටී.
මෙවර අයවැය මගින් සිගරට් මත සාධාරණ බදු පැනවීමක් සිදුවන්නේ දැයි රට, ජනතාව සමග තමන් වුවමනාවෙන් බලා සිටින බවද පවසන පුබුදු සුමනසේකර, සෑම සිගරට් වර්ගයකම බද්ද අවම වශයෙන් රුපියල් 20 කින් වත් වැඩි කිරීමත්, පාර්ලිමේන්තුවේ අසාධාරණ ලෙස පමාවෙමින් පවතින සිගරට් මත විද්‍යාත්මක බදු පැනවීමේ ක්‍රියාවලියේ කටයුතු මෙවරවත් සිදුකිරීමත් ජනතාවට ආදරය කරන රජයක යුතුකම බවද අවධාරණය කරයි.
නොවැම්බර් 11 දින (11.11.2022) පෙරවරුවේ දී ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකදී මෙම කරුණු අනාවරණය විය.
More Stories
“නව යුගයේ චීනයේ අන්තර්ජාල නීති රීති ගොඩනැගීම” පිළිබඳ ධවල පත්‍රිකාව නිකුත් කෙරේ
විවිධ රටවල් සමග මිත්‍රශීලි සහයෝගිතා සබඳතාව වර්ධනය කිරීමේ පදනම එකම චීනය ප්‍රතිපත්තිය බව චීනය පවසයි
චන්ද්‍රිකාගේ සිට ගෝඨාභය දක්වා: වැඩියෙන්ම ඩොලර් ලැබුණේ කාටද?