Last Updated on June 25, 2021 by Desman Chathuranga
කොළඹ වරායේ සිට සිංගප්පූරුව බලා පිටත්ව ගිය භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ගිනීගැනිමකට ලක්ව තිබේ. Liberia (ලයිබීරියාවේ) ලියාපදිංචි MSC MESSINA නැමැති නෞකාව මේම ගිනී ගැනිමට ලක්ව තිබේ.
ශ්‍රී ලංකා මුහුදු සීමාවේ සිට නාවික සැතපුම් 480 ක් ඈතින් මුහුදේ අද (25) පෙරවරුවේ ගිනිගැනීමකට ලක්ව ඇතැයි නාවික හමුදාව සදහන් කළා.
අදාළ නෞකාව කිරින්ද මහා රාවණා ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 480 ක් පමණ දුරින් ගිනිගෙන ඇති බවත් මෙම නෞකාවේ ගින්නෙන් ශ්‍රී ලංකාවට කිසිඳු බලපෑමක් නොමැති බවත් නාවික හමුදාව සදහන් කරනවා.
කෙසේවෙතත් මේ වනවිට ලැබි තිබේන වාර්තාවලට අනුව, බහාලුම් නෞකාවේ ගින්න පාලනය වී ඇති අතර, එය ශ්‍රී ලංකාව සහ මලක්කා සමුද්‍ර සන්ධිය අතර කොටසෙ පවතී.මිට අමතරව ආසන්නයේ ඇති සියලුම වෙළඳ යාත්‍රා පීඩාවට පත් නෞකාව ගැන අනතුරු අඟවා ඇති අතර අවශ්‍ය ආධාර ලබා දීමට උපදෙස් ද ලබා දී තිබේ.

More Stories
“නව යුගයේ චීනයේ අන්තර්ජාල නීති රීති ගොඩනැගීම” පිළිබඳ ධවල පත්‍රිකාව නිකුත් කෙරේ
විවිධ රටවල් සමග මිත්‍රශීලි සහයෝගිතා සබඳතාව වර්ධනය කිරීමේ පදනම එකම චීනය ප්‍රතිපත්තිය බව චීනය පවසයි
චන්ද්‍රිකාගේ සිට ගෝඨාභය දක්වා: වැඩියෙන්ම ඩොලර් ලැබුණේ කාටද?