counter hit xanga
February 3, 2023

බ්‍රිතාන්‍ය ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලාංකික කැබිනට් ඇමතිවරයෙක්

Last Updated on September 7, 2022 by Lankae Cast

බ්‍රිතාන්‍යයේ නව අගමැතිනි ලිස් ට්‍රස් විසින් ශ්‍රී ලාංකික සම්භවයක් සහිත රනිල් ජයවර්ධන පරිසර කටයුතු පිළිබඳ කැබිනට් අමාත්‍ය පදවියට පත්කොට තිබේ.

ඔහු, බ්‍රිතාන්‍යයේ කැබිනට් අමාත්‍ය පදවියකින් පිදුම් ලැබූ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පළමු දේශපාලනඥයාය.

බොරිස් ජොන්සන් ගේ පාලනය සමයේ රනිල් ජයවර්ධන ලිස් ට්‍රස් අමාත්‍යවරිය යටතේ නියෝජ්‍ය අමාත්‍ය පදවියක් හෙබැවූ අතර, අගමැතිවරයාගේ ශ්‍රී ලංකාව පිළිබඳ වෙළෙඳ නියෝජිතයා ලෙසද ඔහු පත්කර තිබිණ.

රනිල් ජයවර්ධන බ්‍රිතාන්‍යයේ උපත ලැබූ තිදරු පියෙකි. ඔහුගේ පියා, නලීන් ජයවර්ධන, ශ්‍රී ලංකාවේ උපත ලබා බ්‍රිතාන්‍යයට පැමිණ මහේස්ත්‍රාත් පදවියක්ද හෙබැවීය. රනිල් ජයවර්ධනගේ මව ඉන්දීය සම්භවයක් සහිත කාන්තාවකි.

ශ්‍රී ලංකාවේ දේශපාලන පරපුරකින් පැවත එන බ්‍රිතාන්‍යයේ නව පරිසර අමාත්‍යවරයා, සමගි ජන බලවේගයේ තරුණ සංවිධානයේ මහලේකම් කණිෂ්ක ලැනරෝල්ගේ ඥාති සොහොයුරෙකු වන අතර, ප්‍රවීන කතුවර සෝමදාස අබේවික්‍රමගේ ද සමීප ඥාතියෙකි.

මේ අතර බ්‍රිතාන්‍ය ඉතිහාසයේ පළමු වතාවට අගමැතිනි ලිස් ට්‍රස්ගේ ආණ්ඩුවේ ප්‍රධාන තනතුරු සියල්ල සඳහාම (අගමැති, විදේශ ලේකම්, රාජ්‍ය ලේකම්, මුදල් අමාත්‍ය) සුදු ජාතික පුරුෂයෙකු පත් නොවීමත් විශේෂත්වයකි.