counter hit xanga
February 5, 2023

ගුවන් ගමන් හෙට ඇරැඹේ! වියට්නාමයට ලංකාව තහනම්!

Last Updated on May 31, 2021 by Desman Chathuranga

මෙරට සියලු ගුවන්තොටුපලවල් හෙට ජුනි 1 වැනිදා සිට විවෘත වන බව ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය D.V චානක පවසයි.කොරෝනා මර්දණ වැඩසටහන යටතේ ගුවන් යානයක පැමිණිය හැකි මගින් ගණන 75ක් පමණ බවයි ගුවන් සේවා රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ.

කෙසේවෙතත් හෙට සිට ගුවන්තොටුපල විවෘත කළත්, Vietnam යේ (වියට්නාම) සිට පැමි‌නෙණ අය,දින 14 ක් තුල වියට්නාමය තුල සංචාරයේ නිරත වූවන් හා වියට්නාමය සමග ගුවන් ගමන් හුවමාරු වූ පුද්ගලයන්ට තාවකාලිකව මෙරටට ඇතුලු වීමට අවසර නොලැබෙන බව ගුවන් සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා සදහන් කළා.

වියට්නාමය තුල මේ දිනවල කොවිඩ් වසංගතයේ නව දෙමුහුන් ප්‍රභේදයක් පැතිර යන බැවින් මෙම තීරණය ගෙන තිබේ.