counter hit xanga

පිටි ආහාර මිල ඉහලට!

Last Updated on March 11, 2022 by Panduka Herath

දිවයිනේ ප්‍රධාන තිරිගු පිටි සමාගමක් විසින් තිරිගු පිටි කිලෝවක් මිල රු 40 කින් ඉහල දමන ලෙස සමාගම විසින් දිවයින පුරා පිහිටි අලෙවි නියෝජිතයන් වෙත (11) දින උදැසන දැනුම් දි ඇත.තවත් තිරිගු පිටි සමාගමක් වන සෙරෙන්ඩිප් සමාගම තිරිගු පිටි කිලෝවක් රු 35 කින් ඉහල දමා ඇත.

තිරිගු පිටි කිලෝවක් මිට ප්‍රථම රු 120 කට අලෙවි වු අතර , නව මිල අනුව තිරිගු පිටි කිලෝවක සිල්ලර මිල රු 160 දක්වා ඉහල යන බවයි අලෙවි නියෝජිතයන් කියා සිටියේ.

මේ අතර පාන් ගෙඩියක මිල රු 30 කින් සහ අනෙකුත් සියළුම තිරිගු පිටි ආශ්‍රිත කැම වර්ගයකම මිල රු 15-20 කින් වැඩි කිරිමට සිදුවන බ්ව බේකරි හිමියන්ගේ සංගමය පවසයි.