Last Updated on June 6, 2021 by Desman Chathuranga
තදබදයට තිතක් සුව පහසුවට ඉඩක් තේමාව යටතේ කුළුණු මත ඉදිකරන අධිවේගී මාර්ගය සහ ගුවන්පාලම් ඉදිකිරිමේ විප්ලවය හෙටින් ආරම්භ වෙනවා. මේ යටතේ නව කැළණී පාලම සිට අතුරුගිරිය දක්වා කණු මතින් දිවෙන අධිවේගී මාර්ග ව්‍යාපෘතිය,ගැටඹේ ගුවන් පාලම, කොහුවල ගුවන් පාලම,කෝම්පඤ්ඤ වීදියේ විනිසුරු අක්බාර් මාවත හා උත්තරානන්ද මාවත සම්බන්ධ කරමින් ඉදිකරන ගුවන් පාලම සහ බාලදක්ෂ මාවත හා චිත්තම්පලම් ඒ ගාඩිනර් මාවත යා කරමින් ඉදි කරන ගුවන් පාලම ද අයත් වේ.
මෙම ව්‍යාපෘතිය රජයේ ජාතික ප්‍රතිපත්ති රාමුව වන සෞභාග්‍යයේ ඉදිරි දැක්මෙහි 7 වන පරිච්ඡේදය වන ” භෞතික අවකාශ භාවිතයේ නව ප්‍රවේශය ” තුල ” ගොඩබිම් ප්‍රවාහනය ” අංශය යටතේ ” මාර්ග ජලය සංවර්ධනය කිරීම ” උපාය මාර්ගය යටතේ අන්තර්ගතව ඇති අතර මහාමාර්ග අමාත්‍යාංශය සහ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කෙරේ.
ඇක්සස් ඉංජිනේරු පුද්ගලික සමාගම, මාගා ඉංජිනේරු පුද්ගලික සමාගම, හංගේරීයාවේ බෙටනොපිටෝ පුද්ගලික සමාගම සහ වයිනා හාබර් ඉංජිනේරු සමාගම මෙම ව්‍යාපෘති වල කොන්ත්‍රාත්කරුවන් ලෙස කටයුතු කරනු ලබයි.
නව කැළණී පාලම සිට අතුරුගිරිය දක්වා කණු මතින් දිවෙන අධිවේගී මාර්ග ව්‍යාපෘතියට කොලඹ වරාය හා කොලඹ වරාය නගරය අධිවේගී මාර්ග ජාලය සම්බන්ද කිරිමට නියමිතයි.
මෙම ව්‍යාපෘතිය හරහා මාර්ග තදබදය අඩු වීම නිසා ගමනාගමන කටයුතු කාර්‍යක්ෂම වීමෙන් වාහන පිරිවැය අඩුවීම සහ කාලය ඉතිරි වීම හේතුවෙන් වසර 2025 දී රු. මිලියන 6060 ක් ඉතිරි වන බව ගණනය කර ඇති අතර වසර 2050 වන විට වාර්ෂික ඉතිරිය රු. මිලියන 19300 ක් වනු ඇති බව ගණන් බලා තිබේ. එය වසර 2025 දී රු. මිලියන 6080 ක වාර්ෂික ආදායමක් අපේක්ෂා කරන අතර 2050 දී වාර්ෂික ආදායම ලෙස රු.මිලියන 30100 ක් අපේක්ෂා කෙරේ.
මිට අමතරව වාහන අනතුරු අඩු වීම සහ වායු දූෂණය අඩු වීමද අපේක්ෂා කෙරේ.
මෙම මාර්ගය ඔරුගොඩවත්තේ දී නව කැලණි පාලමට සම්බන්ද වන අතර අතුරුගිරියේ දී පිටත වටරවුම මාර්ගයට සම්බන්ද වේ. ඊට අමතරව පහත අන්තර් හුවමාරුව ඉදිකෙරේ.
අන්තර් හුවමාරු ස්ථාන වනුයේ
බේස්ලයින් මාර්ගයට පිවිසුම සහිත දෙමටගොඩ අන්තර් හුවමාරුව.
රාජගිරිය අන්තර් හුවමාරුව.
කොස්වත්ත අන්තර් හුවමාරුව.
හෝකන්දර අන්තර් හුවමාරුව.
මෙම ව්‍යාපෘතිය ප්‍රධානතම ජාතික අවශ්‍යතාවයක් වන අතර එමගින් පහත දැක්වෙන අභිමතාර්ථ ඉටු කරගැනීමට අපේක්ෂා කෙරේ.
◾ බත්තරමුල්ල පරිපාලන අගනුවර වෙත හා පාර්ලිමේන්තුව වෙත කොලඹ නාගරික ප්‍රදේශයේ සිට ප්‍රවේශය සැපයීම. එමෙන්ම,අධිවේගී මාර්ග ජාලය සම්බන්ද කරමින් නව කැලණි පාලම් ව්‍යාපෘතියට සහ පිටත වටරවුම මාර්ගය වෙත ප්‍රවේශය සැපයේ.
◾ වරාය ප්‍රවේශය කණු මත දිවෙන අධිවේගී මාර්ග ව්‍යාපෘතිය නිම වීමත් සමගම මෙම ව්‍යාපෘතිය මගින් කොලඹ වරාය හා කොලඹ වරාය නගරය අධිවේගී මාර්ග ජාලය සම්බන්ද කෙරේ.
◾ මෙම ව්‍යාපෘතිය මගින් කොලඹ වරායේ සිට සැපයුම් ප්‍රවාහනයේ තදබදය ලිහිල් කෙරේ.
◾ අතුරුගිරියේ සිට රාජගිරිය දක්වා මාර්ගයේ 40 % ක් රථවාහන යෝජිත මාර්ග සබඳතාවයට යොමු කරගනු ලබනු ඇති අතර ඒ අනුව මාලඹේ,අතුරුගිරිය,රාජගිරිය හා බත්තරමුල්ල නගර වල රථවාහන තද බදය අඩු වීම.
◾අතුරුගිරියේ සිට නව කැලණි පාලම දක්වා දාවන කාලය පැයක සිට මිනිත්තු 15 කට ආසන්න කාලයක් දක්වා අඩු වනු ඇත.
⚫ මාර්ගය ඉදිකිරීම නිසා බලපෑමට ලක්වන දෙමටගොඩ,වනාතමුල්ල සහ මීතොටමුල්ල යන ප්‍රදේශ වල 1100 ක් පමණ වන පවුල් සංඛ්‍යාවක් වෙත නාගරික සංවර්ධන අධිකාරිය මගින් ඉදි කරන ලද මහල් නිවාස ලබා දීමටත් එමගින් ඔවුන්ගේ ජීවන මට්ටම උසස් කිරීම මගින් සමාජ සංවර්ධනයක් සඳහා දායක වීමටත් අපේක්ෂිතය.
⚫ තවද,මෙම අධිවේගී මාර්ගය කණු මතින් ඉදිකරනු ලබන අධිවේගී මාර්ගයක් වන බැවින් පවත්නා ජල මාර්ග,ගංවතුර මට්ටම්,පරිසරය හා සත්ව ගමන් සදහා එහි බලපෑම අවම වේ.මෙම ව්‍යාපෘතිය ඉදිකිරීම් කාලය හා එහෙ මෙහෙයුම් කාලය තුල මධ්‍යම පරිසර අධිකාරියේ සීමාවන් හා මාර්ගෝපදේශයන්ට අනුව පරිසරය ආරක්ෂා කරගැනීම සඳහාත් පරිසරයට සිදුවන අවහිරතාවයන් යතා තත්වයට පත් කිරීම සඳහාත් ගත හැකි සෑම පියවරක්ම ගැනීමට නියමිත වේ.තවද,යෝජිත අධිවේගී මාර්ගය ආශ්‍රිතව පරිසර හිතකාමී කලාපයක් ක්‍රියාත්මක කිරීමටද නියමිතය.
අදාළ ව්‍යාපෘතිය විදේශීය සෘජු ආයෝජන හරහා සැලසුම් – ඉදිකිරීම – මූල්‍යකරණය – මෙහෙයුම් – නඩත්තු සහ පැවරීම ( DBFOMT)යන පදනම මත සිදු කරන පළමු මාර්ග ව්‍යාපෘතිය මෙය වේ.
ඒ අනුව තරඟකාරී මිල ගණන් කැඳවීමේ සම්ප්‍රධාන ක්‍රියාවලිය යටතේ අවම ලන්සුව ඉදිරිපත් කල සීම සහිත වයිනා හාබර් ඉංජිනේරු සමාගම මෙම ආයෝජන ව්‍යාපෘතිය සිදුකිරීමට තෝරාගෙන ඇත.
◾ ව්‍යාපෘතියේ ප්‍රධාන මාර්ගය කි.මී. 16.4 දිගකින් යුක්ත වන අතර පිවිසුම් මාර්ග කි.මී.15.3 දිගකින් යුක්ත වේ.
◾ මෙම ව්‍යාපෘතිය මංතීරු හතරකින් සමන්විත වන අතර කණු මතින් ඉදිකිරීම් කටයුතු සිදු කෙරේ.
◾ ඉදිකිරීම් කාලය වසර 03 ක් සහ සමාගම මගින් කරන මෙහෙයුම් සහ නඩත්තු කාලය වසර 15 කි.
◾ අපේක්ෂිත ධාවන වේගය පැයට කි.මී 80 ක් වේ.
සෞභාග්‍යයේ මං පෙත් විප්ලවය යටතේ තදබදයට තිතක් සුව පහසුවට ඉඩක් තේමාව යටතේ ගුවන් පාලම් ඉදිකිරිමේ සමාරම්භය හෙට (7) පැවැත්විමට නියමිතයි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ සිට ආරම්භ වන මෙම අවස්ථාවට මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා,ග්‍රාමිය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා,මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්. ප්‍රේමසිරි මහතා ඇතුලු මැති ඇමතිවරුන් රැසක් සහභාගි විමට නියමිතය.

Niyama wadak
And what is this big event There is a what size is a small penis does maca make your penis grow lot of discussion all over the world, some guess it is semiconductor, some guess it is aviation, and some guess it is industrial or cultural industry priligy for sale
buy priligy on the internet without a prescription The mean profiles of the change from baseline in standing systolic blood pressure in subjects treated with doxazosin in combination with 100 mg VIAGRA or matching placebo are shown in Figure 4