Last Updated on May 3, 2021 by Desman Chathuranga
කඳුකරය හා උතුරු නැගෙණහිර ජනතාවගේ ගැටළු කෙරෙහි අවධානය යොමු කරන ලෙස කඳුරට ජනතා පෙරමුණේ නායක හා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වේළුසාමි රාධක්‍රිෂ්ණන් මහතා විසින් තමිල්ණාඩු ප්‍රාන්තයේ මෙවර මැතිවරණයෙන් තේරී පත්වූ ප්‍රධාන අමාත්‍ය එම්.කේ. ස්ටාලින්ට මහතාට සුබ පතමින් ඉල්ලා තිබේ.
වේවසාමි රාධාක්‍රිෂ්ණන් මහතා තමිල්ණාඩු අභිනව ප්‍රධාන අමාත්‍යවරයා වෙත යැවූ සුභ පැතුම් පණිවිඩයේ සදහන් වන්නේ හිටපු මහා ඇමති එම්.කේ කරුණානිධි ගිය ගමන් මගේම අභිනවයෙන් පත්වු මහා ඇමතිවරයා යනු ඇති බව තමන්ගේ විශ්වාසය බවයි.
ශ්‍රී ලංකා ඉන්දීය ධීවරයින්ගේ ගැටළුව පිළිබඳව ඔබතුමා දීර්ඝ කාලයක් හොඳින් දන්නා බැවින් අපගේ ශ්‍රී ලාංකික ධීවරයින්ට හානියක් නොවන විසඳුමක් සෙවීමේ අවශ්‍යතාවයක් පවතී. වසර 10 ක දීර්ඝ අඛණ්ඩ අරගලයකින් පසු තමිල්නාඩුවේ බලය ලබා ගැනීමට ඩී.එම්.කේ. පක්ෂයට මෙවර හැකි වුණා. ශ්‍රී ලංකාවේ කඳුකරයේ හා සමස්ත ශ්‍රීලාංකික ජනතාව වෙනුවෙන් මාගේ සුබ පැතුම් මේ සමග පිරිණමමි. ඔබගේ පියා තමිල්නාඩුවේ ජනතාවට පමණක් නොව ලෝකයේ සියලුම ද්‍රවිඩයන්ට නායකත්වය ලබා දුන්නේය. ඔබත් පියතුමා ගිය ගමන් මගේම තම දේශපාලන කටයුතුවල නිරතවෙයි කියා අපේ විශ්වාසයක් පවතිනවා.
ඔබ තමිල්ණාඩුවේ මහ ඇමතිවරයා පමණක් නොව, ලෝකයේ සියළුම රටවල ජීවත්වන ඉන්දීය සම්භවයක් ඇති ද්‍රවිඩ ජනතාවගේ ගැටළු සම්බන්ධයෙන් හඬක් නැගිය යුතුයැයි අපි බලාපොරොත්තුව සිටිනවා.
විශේෂයෙන් අද ශ්‍රී ලංකාවේ වෙසෙන ඉන්දීය සම්භවයක් සහිත ද්‍රවිඩ ජනතාව විවිධ අවස්ථා වලදී ශ්‍රී ලංකාවෙන් සංක්‍රමණය වී තමිල්නාඩුවේ රැකවරණය ලබා ඇත.අද ද්‍රවිඩ සරණාගතයින් විවිධ නීතිමය ගැටළුවලට මුහුණ දී සිටිති. අපි ඔවුන්ගේ නීතිමය කටයුතු වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු අතර ඉන්දීය මධ්‍යම රජය සමඟ සාකච්ඡා කර විසඳුමක් සෙවීමට ඉදිරිපත් විය යුතුය. බොහෝ අභියෝග මධ්‍යයේ ඔබට පෙරමුණ ගත යුතුව ඇත. එයට මුහුණ දීමට ඔබට ධෛර්යයක් ඇත.
(සටහන මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
[url=http://cheapdrugs.store/#]medications for[/url]
buy propecia without a prescription generic propecia uk cheap propecia pills