counter hit xanga
October 26, 2021

වරාය නගරයෙන් ගොඩ යන විදේශ සංචිත!

Last Updated on June 12, 2021 by Panduka Herath

මේ වසර අවසාන වනවිට ශ්‍රී ලංකාව සියයට 6ක ආර්ථික වර්ධනයක් අපේක්ෂා කළ ද එය සියයට 5ක මට්ටමකට අඩුවෙනු ඇති බවට විශ්වාසය කරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (11) ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා සදහන් කළෙ ඉදිරියේදී විදේශ විනිමය රටට ලැබීම නියමිත හෙයින් ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල දැනට පවතින මට්ටම මේම වසර අවසානයේදී ද රැඳෙනු ඇති බවයි.

කොළඹ වරාය නගරය වෙනුවෙන් ඉදිරියේදී සaජු අයෝජන ලැබීමට නියමිත බව ද ඒ අනුව රටේ විදේශ සංචිත අඩු නොවී වර්තමාන තත්ත්වයෙන්ම පවත්වා ගත හැකි වනු ඇතැයි ද මහ බැංකු අධිපතිවරයා සඳහන් කළා.

කොරෝනා තර්ජනය හමුවේ සම්පූර්ණයෙන්ම රට වසාදැමීමෙන් හෝ සම්පූර්ණයෙන්ම රට විවෘත කර දැමීමෙන් හෝ රටකට ඉදිරියට යා නොහැකි බව සදහන් කල මහා බැංකු අධිපතිවරයා එක් අන්තයකට ගොස් රටට ඉදිරියට යා නොහැකි හෙයින් අන්ත දෙක අතර සමබරතාවයක් තබාගත යුතු බව ද පෙන්වා දුන්නා.

කොරෝනා වසංගතයෙනුත් ආරක්ෂා වී රටේ ආර්ථිකයත් බේරාගැනීම සඳහා තුලනාත්මක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම වැදගත් බව ද එහිදී මහ බැංකුවේ අධිපතිවරයා සදහන් කළා.