counter hit xanga
October 22, 2021

හිටපු සෞඛ්‍ය ඇමතියේ අලුත්ම නිර්දේශය

Last Updated on May 4, 2021 by Panduka Herath

කෝවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා නෙවිල් ප්‍රනාන්දු රෝහල, පොළොන්නරැව වකුගඩු රෝහල වැනි රෝහල් මෙන්ම නෙලුම් පොකුණ රගහලද ඒ සදහා යොදා ගන්නා ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී,හිටපු සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා රජයෙන් ඉල්ලා සිටිනවා.

කෝවිඩ් 19 අභියෝගය හමුවේ රටේ පවතින වර්තමාන තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තුවේ පැවති සභාව කල්තැබීමේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා සදහන් කර සිටියේ ‘කෝවිඩ්-19 වසංගත තත්වයට විසදුම් සෙවීමේදී දේශපාලන තීන්දු වෙනුවට වෛද්‍යමය තීන්දු ගත යුතු බවත් ඉහළින් ලැබෙන දේශපාලන තීන්දු වලට සෞඛ්‍ය අමාත්‍යාංශය යට නොකරන ලෙසයි.

පාර්ලිමේන්තුවේ අදහස් දැක්වු අමාත්‍යවරයා …

“කෝවිඩ් තුන්වෙනි රුල්ලට අපි මුහුණ දෙමින් සිටිනවා. පළමු සහ දෙවන රුල්ල වයසක අයට තමයි හැදුනේ. නමුත් මේ තුන්වෙන් රුල්ලත් සමග අපි දැක්ක දෙයක් තමයි තරැණ සහ ළමා රෝගීන් එන්න එන්නම වැඩි වෙනවා. මම 21 වැනිදා පැවැත්වූ මාධ්‍ය හමුවේදී ඉල්ලා සිටිවා කේ.ඩී.යූ එකේ ඇදන් 1000ක් තිබෙනවා අයි.සී.යූ ඇදන් 32ක් තිබෙනවා මේවා වහාම ගන්න කියලා. මම ස්තූතිවන්ත වෙනවා සෞඛ්‍ය අමාත්‍යවරියට කෝවිඩ් ආසාදිත රෝගීන්ට කේ.ඩී.යූ රෝහලේ දැඩිසත්කාර පහසුකම් දෙනවා කියලා නිවේදනයක් නිකුත් කරලා තිබෙනවා.”

“ඒකෙන් අයි.සී.යූ ඇදන් 12ක් ඒකට ලෑස්ති කරගෙන තිබෙනවා. අනිත් එක තමයි නෙවිල් ප්‍රනාන්දු රෝහල. ඒ රෝහලේ ඇදන් 500ක් තිබෙනවා. අයි.සී.යූ ඇදන් 12ක් තිබෙනවා. ඒකට ගන්නේ රෝග ලක්ෂණ නොමැති කට්ටිය විතරයි. මම ඉල්ලා සිටිනවා ඒකේ ඇදන් සම්පූර්ණයෙන්ම නැති කට්ටියට ලබා දෙන්න කටයුතු කරන්න කියලා. මම ඉල්ලා සිටිනවා රජයෙන් නෙලුම් පොකුණ නිකන් තිබෙන්නේ. ඒකේ ඉඩකඩ අරගෙන ඇදන් දාලා ඉහළ යැපුම් ඒකක(High Dependency Unit) ඇදන් ලෑස්ති කර ගන්න.”