counter hit xanga
March 28, 2023

ට්‍රිලියන 6.5 ක් ගිලපු බහිරවයා ගෝඨාද?

Last Updated on October 18, 2022 by Desman Chathuranga

මහජනතාව විසින් පලවා හැරීමට පෙර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රුපියල් කෝටි 650,000 කට අධික ණය ප්‍රමාණයක් රට මත පටවා ඇති බව මහ බැංකුවේ නවතම නිලවාර්තාව අනාවරණය කළා.

ගෝඨාභය විසින් විදේශ ණය ලබා නොගන්නා බව රට හමුවේ ප්‍රකාශ කර සිටියද, 2022 වසරේ මුල් මාස 5 තුළ පමණක්  විදේශ ණය ප්‍රමාණය රුපියල් කෝටි 503,700කින් (රුපියල් බිලියන 5,037) ඉහල ගොස්  තිබෙන බවත් මහබැංකු වාර්තා පෙන්වා දෙනවා.

පසුගිය 2021 වසරේ දෙසැම්බර් 31 වෙනවිට මෙරට සමස්ත ණය බර රුපියල් කෝටි 1,758,940ක් (රුපියල් බිලියන 17,589.4) වී තිබිණි. එය 2022 මැයි මස අවසන් වනවිට රුපියල් කෝටි 2,405,130 දක්වා (රුපියල් බිලියන 24,051.3) ඉහල ගොස් තිබේ. එනම් මාස 5ක් තුළදී රුපියල් කෝටි 656,190කින් (රුපියල් බිලියන 6,561.9) ඉහල ගොස් තිබේ.

එපමණ ණය මුදලක් ලබා ගත්තද එම ණය ලබා ගැනීමේ හේතුව මේ වන තෙක් අනාවරණය වී නොමැත.

මහබැංකුවේ නවතම වාර්තාවෙන් උපුටා ගත් කොටසක් පහතින්,