Last Updated on June 9, 2021 by Panduka Herath
COVID-19 වසංගතය සමග රටේ ජනජීවිතය සම්බන්ධයෙන් සොයා බැලිමට සංචාරයක යෙදී සිටි ප්‍රංශ ජනාධිපති Emmanuel Macron (එම්මානුවෙල් මැක්රොන් ) හට කණේ පහරක් එල්ල වි ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.
Valence නගරයෙ සිට Tain-l’Hermitage (ටේන්-එල් හර්මිටේජ් ) නැමති ප්‍රදේශයට යන අතර තුර රැස්ව සිටි ජනතාව ඉදිරියට ගොස් කත කරමින් සිටින අවස්ථාවේදී මෙම සිදුවිම සිදුව තිබේ.
එම ස්ථානයේ රැදි සිටි ප්‍රංශ ජාතිකයෙකු ජනාධිපතිවරයාට වැරෙන් කම්මුල් පහරක් එල්ල කර තිබේ.ඒ අවස්ථාවේදී ප්‍රංශ ජනාධිපතිගේ ආරක්ෂ භටයන් වහාම මැදිහත්ව, එම ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා බිමට ඇද දමා ජනාධිපතිවරයාව ඔහුගෙන් ඉවතට ගෙනගොස් ඇත.සිද්ධියෙන් පසු පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ප්‍රංශ මාධ්‍ය වාර්තා කරයි.
“Down with Macron-ism” යනුවෙන් පවසමින් ඔහු එම් පහර එල්ල කරන අවස්ථාව විඩියෝගතව තිබුනා.
More Stories
රට නිල වශයෙන් බංකොලොත්! ගැලවිමේ මග මෙන්න!
Jagath Alwis’ letter to CJ: BASL concerned
රනිල්ගේ නිසරූ උත්සහය ගැන NPP කියයි!