counter hit xanga

මංගල සුත්‍රයට අනුව ඉන්ධන මිල මෙන්න! Video

තෙල් විකිණිම කසිප්පු විකිණීමට වඩා සංකීර්ණයි!...

Last Updated on June 22, 2021 by Panduka Herath

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණය කිරීමට කිසිදු පියවරක් ගෙන නැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද (22) පාර්ලිමේන්තුවේ අවධාරණය කළා. අමාත්‍යවරයා කියා සිටියේ එවැනි කටයුත්තකට තමා කිසිවිටෙකත් ඉඩ නොදෙන බවයි.

කුරුණෑගල දිස්ත්‍රික් SJB මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා මේ බව කියා සිටියේ.

පසුගිය යහපාලන ආණ්ඩුව ක්‍රියාත්මක කළ මිල සූත්‍රය අනුව කටයුතු කළේ නම් අද රුපියල් එකසිය පනස් හතකට විකුණන 92 වර්ගයේ පැට්‍රල් ලීටරයක් රුපියල් එකසිය හැට හතක් දක්වාත් රුපියල් 111කට විකුණන ඩීසල් ලීටරයක් රුපියල් එකසිය විසි දෙකක් දක්වාත් ඉහළ යන බවද අමාත්‍යවරයා පෙන්ව දුන්නා.

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සහ ගම්මන්පිල අමාත්‍යවරයා අතර ප්‍රශ්ණයක් ඇති බවට පාර්ලිමේන්තුව තුල විග්‍රහ කරමින් නලින් බන්ධාර මන්ත්‍රීවරයා කල කතාවට ගම්මන්පිල අමාත්‍යවරයා පිලිතුරු දෙමින් කියා සිටියේ ..

“තෙල් විකිණිම කසිප්පු විකිණීමට වඩා සංකීර්ණයි!…” බවයි…