counter hit xanga

ඩීසල් 75 කින්,පෙට්‍රල් 50කින්, IOC ඉහල යයි! සංස්ථාවත් සුදානමින්!

Last Updated on March 11, 2022 by Panduka Herath

ලෝක වෙළෙදපලේ ඉන්ධන මිල ඉහළ යාමත්,ඩොලරයේ අගය දැඩි ලෙස ඉහල යැමත් හේතුවෙන් ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ඩීසල් ලීටරයක් රුපියල් 75 කින් සහ පෙට්‍රල් ලීටරයක් රුපියල් 50 කින් ඉහළ දැමිමට තිරණය කර තිබේ.

ලෝක වෙළඳපල තුළ ඉන්ධන මිල ඉහළයාමත් සමඟ වැයවන පිරිවැයට සාපේක්‍ෂව ඉන්ධන මිල ඉහළනැංවීමක් කළ යුතු බවට තමන් රජයට යෝජනා කරන බව ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති, සුමිත් විජේසිංහ පවසයි.

මේ වන විට සංස්ථාවට ඩීසල් ලීටරයකින් රුපියල් 128 ක සහ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 80ක පාඩුවක් සිදුවන අතර ඉන්ධන මිල සංශෝධනය කිරීමේ බලය සංස්ථාවට පමණක් තිබුණේ නම් අනිවාර්යයෙන් මිල වැඩිකිරීමක් කරන බවද ඔහු කළා.