counter hit xanga
October 21, 2021

පාඩුව දරාගන්න බෑ! ඉන්ධන මිල ඉහලට!

Last Updated on June 11, 2021 by Panduka Herath

ඉන්ධන මිල සංශෝධනය කිරීමට ජීවන වියදම පිළිබඳ අමාත්‍ය අනුකමිටුව තීරණය කර ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි. කෙසේවෙතත් ඉන්ධන මිල ඉහල දමන දිනය මේ දක්වා ප්‍රකාශ කර නෑ.

අමාත්‍යාංශයේදී අද (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සදහන් කළේ මිල සංශෝධනය සිදුකරන දිනය ප්‍රකාශ නොකරන්නේ තෙල් පිරවුම්හල් ඉදිරියේ දිගු පෝලිම් ඇති වුවහොත් එය කොවිඩ් පාලනයට අහිතකර ලෙස බලපාන නිසා බවයි.

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල දැවැන්ත ලෙස ඉහළ යද්දීත් අපි මාස 21කට අධික කාලයක් මිල සංශෝධනය නොකර සිටියේ ජීවන වියදම ඉහළ යාම හා ආදායම් අහිමිවීම හේතුවෙන් ජනතාව අතිශය දුෂ්කර තත්වයක සිටින බව දන්නා නිසා යැයි ද අමාත්‍යවරයා සදහන් කළා. ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යන විට මෙතරම් දිගු කලක් මිල වැඩි නොකර සිටි යුගයක් ඉතිහාසයේ කවදාවත්ම නොතිබුණු බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.නමුත් තවදුරටත් එම දැවැන්ත අලාභය දරාගැනීමේ හැකියාවක් ආණ්ඩුවට නැති බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

වියදමට වඩා අඩු මිලකට ඉන්ධන විකිණීම නිසා 2020 වන විට ඛනිජතෙල් සංස්ථාවේ අලාභය රුපියල් බිලියන 331ක් හෙවත් රුපියල් කෝටි 33,100ක් බවද අමාත්‍යවරයා එහිදි සදහන් කළා.

ඉන්ධන සඳහා වසරකට ඩොලර් බිලියන තුනක් හෙවත් රුපියල් කෝටි 300ක් වැයවනවා.