counter hit xanga
October 1, 2022

Galadariය එදාත්,අදත් ජනතාව සමගයි! තොරතුරු අසත්‍යයි!

Last Updated on May 7, 2022 by Panduka Herath

කොළඹ පැවැත්වෙන ජනතා විරෝධතාවලට එරෙහිව විවේචන ඉදිරිපත් කර ඇති බවට සමාජ සහ අනෙකුත් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන තොරතුරු ගලධාරි හෝටලයේ කළමනාකාරීත්වය තරයේ ප්‍රතික්ෂේප කරයි. නිවේදනයක් නිකුත් කරමින් Galadari Hotel කළමනාකාරිත්වය පෙන්වා දි ඇත්තේ

පවතින විරෝධතා හේතුවෙන් හෝටලයට යම් අපහසුතාවයක් සිදුවී ඇත්ද යන්න පිළිබඳව ප්‍රකාශයක් ලබාදීමට පොලිසියට පැමිණි අවස්ථාවේදී එක් කළමනාකරුවෙකුට විශේෂයෙන් 2022.04.29 වන දින බලධාරීන් විසින් හෝටලයට යන මාර්ගය අවහිර වන පරිදි බාධක යොදා මාර්ග වසා දැමීම හේතුවෙන් අපහසුතාවයට පත් වූ බව පමණක් සඳහන් කර ඇති බවයි.

කළමනාකරුවෙකු විසින් ලබාදුන් ප්‍රකාශය ….

“ගෝඨාගෝගම” ඉවත් කරන ලෙස ඉල්ලා හෝ කොළඹ සහ දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල සිදුවන ජනතා විරෝධතා විවේචනය කිරීම/ හෙළා දකිමින් කළමනාකාරීත්වය විසින් කිසිදු අවස්ථාවක ප්‍රකාශයක් කර නොමැති බවත් 1984 ආරම්භයේ සිටම ගලධාරි හෝටලය සෑම විටම ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් පෙනී සිටින අතර එය දිගටම කොන්දේසි විරහිතව සිදු කරනු ඇති බවද එහි සදහන්.

එබැවින් හෝටලයට හෝ එහි කාර්ය මණ්ඩලයට එරෙහිව කිසිදු අපහාසාත්මක, අසත්‍ය හෝ නොමඟ යවන සුළු ප්‍රකාශ සහ/හෝ පදනම් විරහිත චෝදනා කිරීමෙන් වළකින ලෙස කළමනාකාරීත්වය අදාළ සියලු පාර්ශ්වයන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටී.