counter hit xanga
October 18, 2021

ගාලු සෞඛ්‍ය නිලධාරීන්ට වැඩ වරදි!

vaccine mafia lankaecast

Last Updated on June 8, 2021 by Panduka Herath

නිරෝධායන නීති කඩකරමින් ගාලු ප්‍රදේශයට ගිය බස්නාහිර පළාතේ පිරිසකට AstraZeneca එන්නත් ලබා දෙන ලදැයි කියන සිද්ධියට වගකිවයුතු සියලු නිලධාරීන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා කියා සිටියා.

අද (8) රටේ වත්මන් තත්වය පිළිබඳ සභාව කල් තැබිමේ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා සදහන් කළේ සිද්ධිය දැන ගත් වහාම සෞඛ්‍ය අමාත්‍යාංශයේ හදිසි වැටලීම් අංශයේ නිලධාරීන් කණ්ඩායමක් ඒ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සඳහා ගාලු ප්‍රදේශයට පිටත්කර යැවූ බවත් විමර්ශන කණ්ඩායම එම විමර්ශන දැනටමත් අරඹා ඇති බවත්ය.

විමර්ශන වාර්තාව ලැබුණු පසු අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද අමාත්‍යවරයා අවධාරණය කර සිටියා.

ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයට පිට පළාත්වලින් පැමිණි විශාල පිරිසක් ඊයේ (07) දිනයේ ඇස්ට්‍රාසෙනිකා කොවිෂිල්ඩ් එන්නතේ 2වන මාත්‍රාව ලබා ගෙන ඇති බව එන්නත්කරණය සදහා පැමිණි සිටි ජනතාව පැමිණිලි කර තිබුනා.

කෙසේවෙතත් අදාළ චෝදනාව සම්බන්ධයෙන් ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ප්‍රියන්ත ජීවරත්න මහතා සදහන් කර තිබුනේ “දැන් බොහෝ ප්‍රදේශවල දෙවන මාත්‍රාව ඉවරයි.නමුත් අප කළමනාකරණය කරගෙන එන්නත් කළ නිසා ඉතිරිව තිබෙනවා. එම නිසා කොහොන් ආවත් එන්නත් ලබා දෙනවා.” යනුවෙනි.