counter hit xanga
September 23, 2021

ගෑස් මිල කමිටුවෙන් ගම්මන්පිල ඉල්ලා අස්වෙයි!

Udaya Prabhath Gammanpila lankaecast

Last Updated on June 27, 2021 by Panduka Herath

ගෑස් මිල ගණන් තීරණය කිරීම සඳහා පත්කළ අමාත්‍ය මණ්ඩල උප කමිටුවෙන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඉල්ලා අස් විමට කටයුතු කල බව වාර්තා වේ.

අමාත්‍ය ගම්මන්පිල මහතා සිය තීන්දුව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට මෙන්ම කැබිනට් මණ්ඩලයටද වාර්තා කර තිබේ.

කමිටුව තුල සිටිමින් මිල තීරණයට සහය පළකළහොත් ආණ්ඩුවේම සමහර පාර්ශ්වවල ප්‍රහාරයන්ට තමන් ඉලක්ක වන බැවින් ඉල්ලා අස්වු බවයි අමාත්‍යවරයා සදහන් කර ඇත්තේ.

රජයේ පොදු තීන්දුව අනුව තෙල් මිල සම්බන්ධයෙන් පෙනී සිටිම හේතුවෙන් තමන්ට රජයේම කණ්ඩායම් පහරදුන් බැවින් තමන් ගෑස් මිල කමිටුවට සහභාගි නොවීමට තමා තින්දු කල බවයි අමාත්‍ය ගම්මන්පිල මහතා සදහන් කර ඇත්තේ.