counter hit xanga
March 28, 2023

ගංගානි නෝනගේ අපූරු ලියුම

Last Updated on February 19, 2023 by Lankae Cast

ගංගානි නෝනට ‘ලියුං කරදහියක්’ ලියන්නවත්, එතුමියගෙන් එවැන්නක් ලබන්නවත් මට තවම වාසනාවක් ලැබිල නැහැ.

ඒත් ඉස්සර ඉඳලම එතුමියගේ (රාජකාරී) ලියුං කියවපු විවිධ මට්ටම්වල නෝනාවරු සහ මහත්වරු කියන්නේ මේ වනවිට එතුමියගේ ලිවීමේ හැකියාව විශාල වශයෙන් වර්ධනය වී ඇති බවයි. මේ ලියුම කියවලා බැලුවාම පේනවා එතුමියට හරිම පරිස්සමෙන්,’ටක්කෙටම’ ලියුම් ලියන්න පුළුවන් බව.

මේ ලියුම ඇත්තටම ලියුවේ (හෝ ඊට උපදෙස් දුන්නේ) එතුමියම නම් ඔය තනතුරට වඩා ගොඩක් ඉහළ තනතුරකටත් එතුමිය සුදුසුයි. අපට කිසිම හිරිකිතයක් නැතිව එතුමිය වගේ කෙනෙක් නඩත්තු කරන්න බදු ගෙවන්න පුළුවන්.

(**දැන් ඉතිං මේකට දාල තියෙන පින්තූර බලල එක එක කතා කියන්න එපා. අන්තර්ජාලයේ තිබුණ ලස්සන පින්තූරයක් නිසයි ඒක දැම්මේ. පින්තූරෙයි කතාවෙයි එහෙමට සම්බන්ධයක් නෑ.)

-ආනන්ද ධර්මප්‍රිය ජයසේකර