counter hit xanga
February 4, 2023

ජනතාවට බඩේ පහර දෙන්න හදන අය!

Last Updated on June 6, 2021 by Desman Chathuranga

ගෑස්, කිරිපිටි, කුකුළු මස් හා සිමෙන්ති මිල ගණන් ඉහළ නැංවීම සඳහා ඒවා නිපදවන සහ ආනයනය කරන සමාගම් පාරිභෝගික අධිකාරියෙන් අවසර ඉල්ලා ඇති බව වාර්තා වේ.

වෙළෙඳ අමාත්‍යංශ ආරංචි මාර්ග සදහන් කළේ මිල ගණන් ඉහළ නැංවීම සඳහා අදාළ සමාගම් පාරිභෝගික අධිකාරියෙන් අවසර ඉල්ලුවද මේ දක්වා ඒ සදහ ඉඩ ලබා නොදිමට කටයුතු කර ඇති බවයි.

රුපියල අවප්‍රමාණය වීම නිසා ආනයන වියදම ඉහළ යාම, ලෝක වෙළෙඳපොළේ භාණ්ඩ හිඟය නිසා මිල ඉහළ යාම, සැපයුම අඩුවීම, ප්‍රවාහන වියදම් වැඩිවීම, කන්ටේනර් ගාස්තු ඉහළ යාම හා ප්‍රවාහනය සඳහා නැව් හිඟය ඇතුළු කාරණා ගණනාවක් මිළ වැඩිකිරිමට හේතු ලෙස අදාළ සමාගම් දක්වා තිබේ.

කෙසේවෙතත් මෙම ද්‍රව්‍ය සියල්ලම රජයේ මිල පාලනයට යටත් නිසා රජයේ අවසරයෙන් තොරව මිල ඉහළ දැමිමට අදාළ සමාගම වලට හැකියාවක් නෑ.