Last Updated on June 5, 2022 by Desman Chathuranga
ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වැනි වගන්තියෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා උරුම කළමනාකරණය සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවීම කටයුතු කර තිබේ.
ඒ සදහා සඳහා සාමාජිකයින් 11 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පත් කර ඇති අතර ඒ සියලුම දේන සිංහල ජාතිය පමණක් නියෝජනය කරන අය විම විශේෂවත්වයක් බවයි අප දේශපාලන වාර්තාකරු සදහන් කළේ. PTF කණ්ඩායමට ශ්‍රී ලංකා හමුදා, සිංහල අන්තවාදී දැක්මක් සහිත බෞද්ධ භික්ෂූන් වහන්සේලා, පුරාවිද්‍යා, මැනුම් කටයුතු සහ ඉඩම් කටයුතු අධ්‍යක්ෂ ජනරාල්වරුන්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු මෙන්ම සියලු දෙනාම සිංහල ජාතිකයින් වන තෝරා ගත් විද්වතුන්ගෙන් සමන්විත වේ. PTF හි ප්‍රධානියා ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න වේ.
ESTABLISHMENT of a Presidential Task Force for Archaeological Heritage Management in the Eastern Province in accordance with the powers vested in HIS EXCELLENCY THE PRESIDENT by Article 33 of the Constitution of the Democratic Socialist Republic of Sri Lanka
මිට අමතරව එදිනම නිකුත් කරන ලද “සුරක්ෂිත රටක්, විනයගරුක, ගුණවත් හා නීත්‍යානුකූල සමාජයක්” ගොඩනැගීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවීමට අදාළ ගැසට් නිවේදනය හරහා එහි ප්‍රධානියා ලෙස ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පත්කර ඇති අතර හමුදාපතිවරුන් සහ බුද්ධි අංශ අධ්‍යක්ෂවරුන් මෙන්ම පොලිස් සහ රේගු අධ්‍යක්ෂවරුන්ගෙන් සමන්විත තවත් 13 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමට දකුණේ මිත්‍යාව සහ නවීන අකාරයට වෛරය බෙදාහරින දෙරණ මාධ්‍ය ජාලයේ හිමිකරු දිලිත් ජයවීරද ඇතුලත්ව සිටි.
අප දේශපාලන වාර්තාකරු අනාවරණය කරනුයේ PTF “Archaeological Heritage Management” නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා උරුම කළමනාකරණය කිරිමේ මුවාවෙන් දෙමළ ජනයාට එරෙහි උරුම ජන සංහාරය ඉලක්ක කර ඇති බවයි.
2020 අප්‍රේල් 24 වැනි දින ගෝඨාභය රාජපක්ෂ සමග මහා සංඝරතනය නැමති දේශපාලන නිකායික කණ්ඩායමක් ඇතිවු සාකච්ඡාවක ප්‍රතිපලයක් ලෙස මෙම ගැසට් නිවේදනයන් එලියට පැමිණ ඇති අතර බෞද්ධ විහාරස්ථාන සඳහා ඉඩම් ලබා ගැනිම මෙහි ප්‍රධාන අරමුණ ලෙස පෙන්නුම් කලද රහසිගත අරමුණු රැසක්ද ඇති බවද අප වාර්තාකරු පෙන්වා දෙනවා.උතුරේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගැනිම හරහා ගැටුම්කාරි තත්වයක් ඇති කිරිමත් අවසාන වශයෙන් “දෙවරක් රට බේරාගත් නායකයෙකු” ලෙස ඉතිහාසයේ ඔහු සිහිපත් කිරීමට මග පැදිමත් අරමුණ වි තිබේ.අනිත් අතර කූප්‍රකට ව්‍යාපාරික වලල්ලට අවශ්‍ය ඉඩම් අල්ලා ගැනිම සදහා “පන්සල” භාවිතා කිරිම අරමුණ වි තිබේ.
ESTABLISHMENT of a Presidential Task Force to build a Secure Country, Disciplined, Virtuous and Lawful Society in accordance with the powers vested in HIS EXCELLENCY THE PRESIDENT by Article 33 of the Constitution of the Democratic Socialist Republic of Sri Lanka.
දෙවන නිවේදනයට අනුව සමස්ත දිවයිනේම සිවිල් විනය මිලිටරිකරණය කිරීම පිළිබඳ වන අතර, ඕනෑම විරුද්ධත්වයක් පාලනය කිරීම අරමුණු කර ගෙන එය සකස් වෙමින් පවතී.අප දේශපාලන වාර්තාකරු පෙන්වා දෙන්නේ නැඟෙනහිර උරුම ජන සංහාරයට සිවිල් සමාජය විසින් එල්ල කරන ඕනෑම විරෝධයක් “සමාජ විරෝධී ක්‍රියාකාරකමක්” ලෙස අර්ථ දැක්වීමේ අවදානමක් ඇති බවයි.රටතුල සිටින අයිතිය වෙනුවෙන් සටන් කරන මෙන්ම විදේශයන්හි සිට දායක වන ඕනෑම අයෙකු “නීති විරෝධී හා සමාජ විරෝධී ක්‍රියාකාරකම්වලට” දායක වූවන් ලෙස ඉලක්ක කිරිම මෙහි අරමුණ වි තිබේ.
අදාළ ගැසට් නිවේදන දෙකම පහලින් කියවිමට ඔබට හැකිය.
I believe this internet site has got very fantastic pent content posts.