counter hit xanga
October 26, 2021

කොරෝනා ගැන විශ්ලේෂණ වාර්තාව මෙන්න!

Last Updated on June 5, 2021 by Panduka Herath

2020 වසරේ මාර්තු මාසයේ සිට 2021 වසරේ අප්‍රේල් මාසයේ අග දක්වා ශ්‍රී ලංකාව තුළ පැතිර ඇති SARS-CoV-2 හෙවත් කොරෝනාවෛරස් ප්‍රභේද සම්බන්ධයෙන් කළ ජානමය හා වසංගත විද්‍යාත්මක විශ්ලේෂණය පිළිබඳ පූර්ව වාර්තාවක් නිකුත් කර තිබේ. එම වාර්තාවට අනුව අප්‍රියෙල් මස අවසානය වන විට, රටේ බොහෝ ප්රදේශවල සංසරණය වන ප්‍රධාන ප්‍රභේදය B.1.1.7 වන බව සදහන්ව තිබේ.

Genomic and epidemiological analysis of SARS-CoV-2 viruses in Sri Lanka ශ්‍රී ලංකාවේ SARS-CoV-2 වෛරස් වල ජානමය හා වසංගත විද්‍යාත්මක විශ්ලේෂණය වාර්තාව ලෙස සටහන්ව ඇති එම වාර්තාව ආරම්භයේම සටහන් කර ඇත්තේ

This article is a preprint and has not been certified by peer review [what does this mean?]. It reports new medical research that has yet to be evaluated and so should not be used to guide clinical practice. යනුවෙනි. එනම් මෙම ලිපිය පූර්ව මුද්‍රණයක් වන අතර තුල්‍ය සමාලෝචනයෙන් සහතික කර නොමැත . නව වෛද්‍ය පර්යේෂණ තවමත් ඇගයීමට ලක් කර නොමැති අතර සායනික පුහුණුව සඳහා මග පෙන්වීම සඳහා එය භාවිතා නොකළ යුතුය. යනුවෙනි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිවේද හා අණුක වෛද්‍ය විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය නීලිකා මලෙවිගේ මහත්මිය ප්‍රමුඛ ක්ෂේත්‍රයේ විශේෂඥයන් රැසකගේ සහභාගිත්වයෙන් සිදුකර ඇති එම විශ්ලේෂණය වාර්තාවට සකස් කිරිම සදහා කොවිඩ්-19 රෝගය වැළඳුණු පුද්ගලයින් 373 දෙනෙකුගෙන් ලබා ගත් ජෛව සාම්පල මෙම පර්යේෂණය සඳහා යොදාගෙන ඇති අතර එහි ප්‍රතිඵල අනුව මේ වන විට මෙරට ආධිපත්‍යය හිමි කරගෙන ඇති කොරෝනාවෛරස ප්‍රභේදය කුමක් ද යන වග හඳුනා ගැනීමට හැකි වී තිබේ.

මෙරට බහුලව පැතිර ගිය කොරෝනා වෛරස ප්‍රභේදය B.1.411 ප්‍රභේදය බවත් එය 2021 වසරේ මාර්තු මස දක්වා මෙරට පැවති කොවිඩ්-19 වසංගතයට එය හේතු වී ඇති බවත් එම පර්යේෂණයෙන් හඳුනා ගෙන තිබේ.

තව ද කොරෝනා වෛරස් ආසාදිතයින් ලෙස හඳුනා ගත් ආපසු මෙරටට පැමිණි ගුවන් මගීන් (returning travellers) අතර B.1.258 ප්‍රභේදය ද වැඩි සම්ප්‍රේෂණයක් ඇති B.1.1.7 හෙවත් ඇල්ෆා (බ්‍රිතාන්‍ය) ප්‍රභේදය ද හඳුනා ගෙන තිබේ.

එම පර්යේෂණය පෙන්වා දෙන්නේ, B.1.1.7 ප්‍රභ්දෙය B.1.411 ප්‍රභේදය අභිබවා යමින් මෙරට තුළ මේ වන විට පවතින වසංගත තත්ත්වයට හේතු වී ඇති බවය.

B.1.1.7 ප්‍රභේදය

2021 වසරේ ජනවාරි සිට මාර්තු අග දක්වා ලබා ගත් සාම්පල් වලින් B.1.1.7 ප්‍රභේදය ආසාදනය වූ 27 දෙනෙකු හඳුනා ගෙන ඇතැයි එම පර්යේෂණය පෙන්වා දෙයි.ඉන් පළමු ආසාදිතයා 2021 ජනවාරි 2 වන දින මෙරටට පැමිණි පුද්ගලයෙකු වන අතර සෙසු ආසාදිතයින් 26 දෙනා 2021 ජනවාරි සිට මාර්තු දක්වා කාලය තුළ හඳුනා ගෙන ඇත.

මාර්තු අග වන විට රෝගීන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් පහත වැටීමෙන් පසුව 2021 අප්‍රේල් මැද භාගයේ සිට රෝගීන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි එම පර්යේෂණයෙන් පෙන්වා දී ඇත.