Last Updated on June 8, 2021 by Panduka Herath
රජයේ පාසල්වල 2022 වසර සදහා පළමු ශ්‍රේණිය සිසුන් ඇතුළත් කිරීම සඳහා අවශ්‍ය ජන්දහිමි නාම ලේඛණ http://www.elections.gov.lk යන වෙබ් අඩවියෙන් ද ලබාගත හැකි බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.
ජන්දහිමි නාම ලේඛණවල තොරතුරු එලෙස ලබාගත් පසුව ඒවා ග්‍රාමනිලධාරී හෝ වෙනත් නිලධාරියකු හෝ සහතික කිරීම අවශ්‍ය නොවන බවද මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාගේ අත්සනින් නිකුත් කල එම නිවේදනයේ දැක්වේ.
අවශ්‍යනම් අදාළ තොරතුරු ග්‍රාම නිලධාරීවරයාගෙන් ලබාගත හැකි බවද එම නිවේදනයේ දැක්වේ.
මේ අතර 2022 වසරේ පළමු ශ්‍රේණිය සඳහා පාසල්වලට ළමයි ඇතුළත් කිරීමට අදාළ ඉල්ලුම්පත්‍ර යොමුකිරීමට දී තිබූ ජූනි 30 වැනිදා දක්වා වූ කාලය කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගෙන ජූලි 31 වනදා දක්වා දීර්ඝ කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා නිවේදනය කර තිබේ.

More Stories
21ක යන්නේ මොන පාරේද?
දේශබන්දුගේ වැඩ තහනම් කරනු!
පෝලිම් නැති කරන්න, $ මිලියන 500 පංගුකාරයෙක් වෙන්න