counter hit xanga
October 26, 2021

නෞකාවෙන් උපරිම වන්දි මුදල ලබා ගන්නවා!

Last Updated on June 8, 2021 by Panduka Herath

X-Press Pearl නෞකාවේ ඇති වූ ගින්නෙන් මෙරටට සිදුවූ බලපෑම හා හානිය සම්බන්ධයෙන් උපරිම වන්දි මුදල ලබා ගැනීමට නීතිමය ලෙස ක්‍රියාකරන බවට අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්‍රි මහතා සහතික වෙයි.

X-Press Pearl නෞකාවේ ඇති වූ ගින්නෙන් මෙරටට සිදුවූ බලපෑම හා හානිය සම්බන්ධයෙන් වන්දි ලබා ගැනීමට අදාළ නෛතික කටයුතු පිළබඳව ඊයේ ( 7) අධිකරණ අමාත්‍යාංශයේ පැවති විශේෂ රැස්වීමකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

නෞකාවේ ඇති වු ගින්න හේතුවෙන් අපේ රටේ ආර්ථිකයට, පරිසර පද්ධතියට, ධීවර කටයුතුවලට මෙන්ම විවිධ ක්ෂේත්‍රවලට විශාල වශයෙන් බලපෑම් ඇතිව තිබෙන බවත් සිදුව තිබෙන හානිය වෙනුවෙන් හානී පුර්ණය කර ගැනීම සදහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ ක්‍රියාවලියේදී නීතිපති දෙපාර්තමේන්තුව විසින් ගනු ලබන නීතිමය කටයුතු සදහා සහාය දැක්වීම මෙම සාකච්ඡාවේ මුලික අරමුණ වි තිබේ.

එමෙන් ම, ඒ සඳහා ක්‍ෂේත්‍රයේ උගතුන්ගේ බුද්ධිමතුන්ගේ සහය ලබා ගැනීමට කටයුතු කර ඇති බවත් නීතිමය කටයුතු සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමේදී පරිසරයට, ධීවර ක්‍ෂේත්‍රයට, රටේ ආර්ථිකයට, ගින්න හේතුවෙන් මේ දක්වා සිදු කර ඇති හා ඉදිරියට සිදු කරන වියදම් පියවා ගැනීමට වන්දි ලබා ගැනීම සඳහා නීතිපතිවරයාට පූර්ණ සහයෝගය දැක්වීමට සාමූහිකව එක්විය යුතු බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කර සිටියා.

මෙම රැස්වීම සඳහා වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර හා නීතිපති ජනාධිපති නීතීඥ සංජය රාජරත්නම් මහතා ඇතුළු පිරිසක් සහභාගී වි සිටියා.