counter hit xanga
October 26, 2021

පොලීම නැතුව එන්නත් ගන්න!

Last Updated on June 10, 2021 by Panduka Herath

මේ වනවිට COVID මර්දණ එන්නත පොලීමේ නොසීට ලබා ගැනිමට අවශ්‍ය කටයුතු යොදවා තිබේන බව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. ලංකාව කොවිඩ් මර්දණ එන්නත් නිෂ්පාදනය නොකරන රටක් වුවද එන්නත් වර්ග 3ක් ලංකාව තුල භාවිතා වන බවයි.

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්‍යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කියා සිටියේ ලෝකයේ එන්නත් නිෂ්පාදනය කරන රටවල් එම රටවල ජනගහනයෙන් සියයට 40 ත් 50ත් අතර ප්‍රමාණයකට එන්නත ලබාදි අවසන්ව ඇති බවයි.

AstraZeneca එන්නත් මාත්‍රා 765,000ක් නොමිලේ ලැබුන අතර තවත් මාත්‍රා ලක්ෂ 5ක් මිලදි ගැනිමට රජය කටයුතු කර තිබේන බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා Sputnik v මාත්‍රා 65,000ක් ලැබිමට නියමිත බවද සදහන් කළා. චීනයේ නිෂ්පාදිත Sinopharm එන්නත මිලියනක් දෙවන මාත්‍රාව ලබාදිමද මේ වනවිට ආරම්භ වි තිබේ.