Last Updated on May 26, 2021 by Desman Chathuranga
රටපුරා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවයේ නියුතු කාර්ය මණ්ඩලවලට, ග්‍රාම නිලධාරීවරුන් සංවර්ධන නිලධාරීන්ට මීළඟ අදියරේදී කොරෝනා මර්ධන එන්නත් ලබාදීමට පියවර ගන්නා බව ස්වදේශ කටයුතු කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය අමාත්‍යාංශයේ ලේකම් එන්.එච්.එම් චිත්‍රානන්ද මහතා පවසයි.
ඒ අනුව මේ වන විට ලැබී ඇති එන්නත් වලින් එම නිලධාරීන්ට ප්‍රථමයෙන් එන්නත් ලබා දිමට කටයුතු කරන බවයි ලේකම්වරයා සදහන් කළේ.
ඉදිරි දින වලදී ගාම නිලධාරීන් ඇතුළු පිරිසට මෙන්ම ලබා දෙන හෙයින් වර්ජනය අතහැර මහජන සේවාවන් කාර්යක්ෂම කිරීමට කැපවන්නැයිද ග්‍රාම නිලධාරීන්ගෙන් ද ලේකම්වරයා ඉල්ලා සිටියා.
ග්‍රාම නිලධාරීවරු සංකේත වැඩ වර්ජනයක
ග්‍රාම නිලධාරීවරුන්ට කොවිඩ් මර්දන එන්නත් ලබා නොදීමට විරෝධය දැක්වීම සඳහා රට පුරා සියලු ග්‍රාම නිලධාරිවරු අද (26) සංකේත වැඩ වර්ජනයක නිරත වූ අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇතැම් වෘත්තිකයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට විශේෂයක් කොට කොවිඩ් මර්දන එන්නත් ලබා දී ඇතත් ජනතාව සමඟ සෘජුවම සේවය කරන පිරිසක් වන ග්‍රාම නිලධාරීන්ට තවමත් එන්නත් ලබාදී නැතැයි ද ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීන්ගේ සංගමය චෝදනා කර සිටි.
ජනපතිගෙන් සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට උපදෙස්
මේ අතර චීන රජය මෙරටට පරිත්‍යාග කළ sinopharm එන්නත් මාත්‍රා ලක්ෂ පහ රට පුරා ජනතාවට වහාම ලබා දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට අද (26) උපදෙස් ලබා දුන්නා.
සෞඛ්‍ය අංශවල නිර්දේශයන්හි ප්‍රමුඛතාව අනුව දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට පළමු අදියර යටතේ එන්නත් බෙදා හැරීමට සැලසුම්කර ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි .
සයිනොපාම් එන්නත් මාත්‍රා ලක්ෂ පහ රැගත් ශ්‍රී ලංකා ගුවන් සේවයට අයත් යූ.එල් 869 දරන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළට අද (26) අලුයම පැමිණියේ චීනයේ බීජිං නුවර සිටයි.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා චීන රජය සමග කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම එන්නත් තොගය පරිත්‍යාග කර තිබිණ.
මිට අමතරව ශ්‍රී ලංකා රජය ඇණවුම් කර ඇති එන්නත් මාත්‍රා තවත් ලක්ෂ 20ක් මසක් ඇතුළතදී ලබාදීමටත් අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කිරීමටත් සැලසුම් කර ඇතැයි ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා එම එන්නත් තොගය බාරදෙමින් කියා සිටියා.
https://buystromectolon.com/ – Stromectol
precio de priligy en mexico
hydroxychloroquine online purchase
[url=http://cheapdrugs.store/#]drugs causing ed[/url]
cialis insurance coverage cialis
cost of ivermectin buy ivermectin online
cialis 5mg australia tadalafil
https://cipro.best/# purchase cipro
https://withoutprescription.store/# canadian drug pharmacy
https://diflucan.icu/# diflucan 150 mg daily
stromectol 12 mg tablets buy stromectol