Last Updated on June 9, 2021 by Desman Chathuranga
සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ අසත්‍ය තොරතුරු, ඡායාරූප සහ වීඩියෝ දර්ශන ප්‍රචාරය කිරීම මගින් මහජනතාව අතර අසමගිය, වෛරය ඇති කරවන පුද්ගලයින්ව නෛතික ප්‍රතිපාදන කිහිපයක් යටතේ වරෙන්තුවකින් තොරව අත්අඩංගුවට ගත හැකි බව පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ජනතාවට දැනුම් දෙනවා.
පොලිස් මූලස්ථානය පවසන්නේ අසත්‍ය තොරතුරු හේතුවෙන් මහජන සාමය බිඳවැටීම, විවිධ ජාතීන් හෝ ආගම් අතර බේද ඇතිවීම, ළමයින්ට හා කාන්තාවන්ට එරෙහිව ලිංගික අපරාධ සිදුවීම, ආගම් ඇදහීම්වලට පීඩා සිදුවීම සහ විවිධ වංචා සිදුකිරීම වැනි දේ සිදු විය හැකි බවයි.ඊට අමතරව අසත්‍ය තොරතුරු මත පදනම්ව මහ ජනතාව නිරෝධායන නීතිවලට පටහැනිව කටයුතු කිරීමට පෙළඹී ඇති බව ද නිරීක්ෂණය වී ඇතැයි පොලිසිය පවසයි.
එබැවින් දණ්ඩ නීති සංග්‍රහය සහ තවත් පනත් කිහිපයක සඳහන් වගන්ති කිහිපයක් යටතේ අසත්‍ය ප්‍රචාරය කරන පුද්ගලයින් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකි බව පොලිස් මූලස්ථානය පෙන්වා දෙනවා.

අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මුවාවෙන් එලෙස අසත්‍ය ප්‍රචාරය කරන්නන් සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පරිගණක අපරාධ කොට්ඨාශය විසින් අන්තර්ජාලය ඔස්සේ විමර්ශන සිදුකරනු ලබන බව ද එම නිවේදනයෙහි සඳහන් වේ.
එබැවින් සමාජ ජාල භාවිත කරමින් සංවිධානාත්මකව හෝ පෞද්ගලිකව අසත්‍ය ප්‍රචාරය කිරීම, ඊට සහය දීම හෝ අනුබල දීම නොකරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
More Stories
මිලියන 7ක් බඩගින්නේ තබා “නාකී” සමරන නිදහස!
රනිල්, ජනතා අයිතියට බාධා එපා!
ඔරුව ගිලෙද්දී නිහඬව සිටීම සිවිල් සමාජයේ වගකීම නොවේ – ‘ශ්‍රී ලංකාභිමාන්‍ය’ ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ කරු කියයි