counter hit xanga
October 26, 2021

යහපාලන ඉඩම් කොල්ලය පාර්ලිමේන්තුවට!

Last Updated on June 7, 2021 by Panduka Herath

යහපාලන ආණ්ඩුව සමයේදී සිදුකරන ලද මහා පරිමාණයේ ඉඩම් අක්‍රමිකතාවලට අදාළ වාර්තාවක් ඉදිරියේදී කැබිනට් මණ්ඩලයට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අදාළ වාර්තාව සකස් කිරිමේ කටයුතු මේ වනවිටත් ආරම්භ වි ඇති අතර ඉතා ඉක්මනින්ම එය ඉදිරිපත් කිරිමට කටයුතු කරනු ඇති බවයි වාර්තා වන්නේ.

යහපාලන සමයේදී දේශපාලන හිතවත්කම්වලට අක්කර 5 සිට අක්කර 30 පමණ දක්වා ඉඩම් විශාල ප්‍රමාණයක් විවිධ පුද්ගලයන්ට ලබාදී ඇති අතර ඒ හරහා සුදුසුකම් සහිත පවුල් සදහා ඉඩම් ලබාදීමේ ක්‍රියාවලියටද බාධා එල්ල වී ඇති බවද අනාවරණය වි තිබේ.

දේශපාලන හිතවත්කම්වලට මේ ආකාරයෙන් මහා පරිමාණ ලෙස ඉඩම් ලබාදීමේ අරමුණ එසේ ඉඩම් ලබාදී තිබෙන පුද්ගලයන් කවරේද? ඔවුන්ට ලබාදී ඇති ඉඩම්වල වටිනාකම් හා එම ඉඩම් ලබාදීමේ සියලු තොරතුරු ඇතුළත් වාර්තාවක් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව (LRC) මඟින් සකස් කරගෙන යන බවත් එම වාර්තාව කඩිනමින් කැබිනට් මණ්ඩලයට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් ඉඩම් අමාත්‍ය චන්ද්‍රසේන මහතා සදහන් කරනවා.