counter hit xanga
March 26, 2023

යහපාලනය තරම් හිට්ලර්, ඉඩිඅමීන් පලිගත්තේ නෑ! Video

Last Updated on April 22, 2021 by Desman Chathuranga

හිට්ලර් හෝ ඉඩිඅමීන් වත් නොකළ ආකාරයට දේශපාලන විරුද්ධවාදීන්ගේ භාර්යාවන් හා දරුවන්ගෙන් පවා පලි ගන්න යහපාලන රජය කටයුතු කළ බව ජාතික ලැයිස්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

2015 ජනවාරි 8 වැනි දා ආරම්භ වී 2019 නොවැම්බර් 16 වැනිදා අවසන් වූ කාලසීමාව තුළ නිලතල දැරූ රජයේ නිලධාරීන් රාජ්‍ය සංස්ථා සේවකයන් සන්නද්ධ හමුදා සහ පොලිස් සේවයේ සාමාජිකයන්ට සිදුව ඇතැයි කියනු ලබන දේශපාලන පළිගැනීම් පිළිබඳව පරීක්ෂණ කර තොරතුරු ලබා ගැනීම සඳහා වන ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව පිළිබඳ සභාව කල් කල්තැබීමේ විවාදය අමතමින් මන්ත්‍රීවරයා සදහන් කළේ යහපාලන ආණ්ඩුව යනු පලිගැනීම ජාතික කලාවක් බවට පත් කළ ආණ්ඩුවක් බවයි.

යහපාලන පළිගැනීම් පිළිබඳව පරීක්ෂණ කර තොරතුරු ලබා ගැනීම සඳහා වන ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව උපුටා දක්වමින් FCID,CID ය මෙන්ම පොලිසිය, ඇතැම් නීතිමය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥවරයා කරුණු රැසක් පාර්ලිමේන්තුව හමුවේ පෙන්වා දි තිබේ. විඩියෝව නරඹන්න

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ ලංකාව සම්බන්ධයෙන් වාර්තා ලියා ඇත්තේ නින්දෙන් ඇහැරුනු අයෙකු ලෙස බවයි මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව හමුවේ අවධාරණය කර සිටියේ.