counter hit xanga
October 1, 2022

ගෝඨා රහසේම එයි?

Last Updated on August 26, 2022 by Panduka Herath

ජනතාව විසින් පන්නා දැමු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රහසේම රටට පැමිණිමේ සුදානමක් පවතින බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

මහින්ද රාජපක්ෂ විසින් ගෝඨාභයට මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර ගෝඨාභය පිළිගැනිමේ උත්සව සියල්ලද නොපවත්වන ලෙසට මහින්ද පොහොට්ටු ප්‍රබලයන්ට දැනුම් දි තිබේ.

ගෝඨාභය රාජපක්ෂ ලංකාවට පැමිණෙන බව පසුගියදා ප්‍රකාශ කල අතර ඔහු පිළිගැනීම සදාහා විවිධ උත්සව පැවැත්විමට සහ කටුනායක සිට රිය පෙරහැරකින් රැගෙන එමටද පොහොට්ටුවේ ඇතැම් කණ්ඩායම් යෝජනා කර තිබු අතර ඒ සම්බන්ධයෙන් විවිධ ප්‍රචාරක කටයුතුද ආරම්භ කර තිබුනා.

නමුත් පවතින තත්ත්වය රාජපක්ෂලාට යහපත් නොවන බැවින් ගෝඨා පිළිගැනිමට ගොස් ජනතා වෛරය යලී මතුවිය හැකි බවයි මහින්දගේ මතය වි ඇත්තේ.ඒ හේතුවෙන් රහසේම රටට පැමිණ කාලයට ඉඩ දෙමින් බලා සිටිමට ගෝඨාට සිදුවන බව මහින්ද දැඩිව අවධාරණය කල ඇති බවයි අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළේ.