Last Updated on January 2, 2023 by Desman Chathuranga
ගෝඨාභය රාජපක්ෂ නැවත එක්සත් ජනපදයේ පුරවැසිභාවය සඳහා ඉල්ලුම් කොට ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත උපුටා දක්වමින් ද හින්දු පුවත්පත වාර්තා කරනවා. ගෝඨාභය රාජපක්ෂ හට වෙනත් කිසිදු රටකින් දේශපාලන රැකවරණ ලබා ගැනීම නොහැකි වීම හේතුවෙන් මෙලෙස අමෙරිකාවේ පුරවැසිභාවය ඉල්ලා ඇති බවයි ද හින්දු පෙන්වා දෙන්නේ.
2019 දි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අමෙරිකාවේ පුරවැසිබව ඉල්ලා අස් කරගැනීමට ගෝඨාභය රාජපක්ෂ කටයුතු කරනු ලැබීය.
නමුත් බලයෙන් පහකරනු ලැබූ ගෝඨාභය රාජපක්ෂ පසුගිය ජූලි මාසයේ ලංකාවෙන් පිටව ගිය අතර මාස දෙකකට පසු නැවත ලංකාවට පැමිණියේ කිසිදු රටක් ඔහුට රැකවරණය සැපයීම ප්‍රතිකේෂ්ප කළ බැවිනි.
කෙසේවෙතත් ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලීම ඇමරිකාව විසින් තවමත් සලකා බලමින් සිටින බවයි ද හින්දු පෙන්වා දෙන්නේ.
More Stories
“නව යුගයේ චීනයේ අන්තර්ජාල නීති රීති ගොඩනැගීම” පිළිබඳ ධවල පත්රිකාව නිකුත් කෙරේ
විවිධ රටවල් සමග මිත්රශීලි සහයෝගිතා සබඳතාව වර්ධනය කිරීමේ පදනම එකම චීනය ප්රතිපත්තිය බව චීනය පවසයි
චන්ද්රිකාගේ සිට ගෝඨාභය දක්වා: වැඩියෙන්ම ඩොලර් ලැබුණේ කාටද?