counter hit xanga
October 22, 2021

ඉල්ලිම්, බලපෑම් කර ටොයියන් පිනවන මාධ්‍ය!

Last Updated on May 11, 2021 by Panduka Herath

රට වසාදමා රටම අනාථ කිරිමට දියත් කල මෙහෙයුම හමුවේ කුජිත් වු විපක්ෂයේ ටොයියන් සිය ටොයි ජනතාව සතුටු කිරිම සදහා අමුතුම පුවතක් නිර්මාණය කිරිමට සමත්ව තිබේ.ඒ පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී Dr Tedros Adhanom අතර පැවැති සාකච්ඡාව සම්බන්ධයෙන් පලකර තිබු මාධ්‍ය නිවේදනයක් නින්දීත ලෙස යොදාගෙන තිබේ.

Daily Mirror පුවත් පතේ මාධ්‍යවේදියෙකුව කටයුතු කරන colombogazette වෙබ් අධවියේ කතෘවරයා ලෙස පෙනී සිටින Easwaran Rutnam ඊස්වරන් රත්නම් නැමත්තා විසින් පලකර තිබේන Daily Mirror හී පලකර තිබේන පුවතක් හරහා සදහන් කර ඇත්තේ

“The World Health Organisation (WHO) has denied claims that President Gotabaya Rajapaksa had influenced the decision by the global body to approve the emergency use of the Sinopharm vaccine”

චීනයේ නිෂ්පාදිත සයිනොපර්ම් (Sinopharm) කොවිඩ් එන්නත් හදිසි භාවිතය සඳහා අනුමත කරණ ලද්දේ ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ බලපෑමකට අනුව බවට වන ප්‍රකාශය මුළුමනින් ම ප්‍රතික්ෂේප කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO -World Health Organization) අවධාරණය කර සිටින බවයි.

WHO said in an emailed response to Daily Mirror.

ඊස්වරන් සේවය කරන Daily Mirror මාධ්‍ය ආයතනය හරහා ඒ සම්බන්ධයෙන් විද්යුත් තැපෑලෙන් කල විමසිමකදි මේ බව සදහන් කර තිබේන බවද අදාළ පුවතේ දක්වා තිබේ. කෙසේවෙතත් අදාළ ඊ මේල් පණිවිඩය මේ දක්වා අනාවරණය කර තිබුනේ නෑ. අනිත් අතට රටක ජනාධිපතිවරයෙකුට WHO වැනි සංවිධානයකට බලපෑම් කිරිමට නොහැකි බව අමුතුවෙන් කිවයුතු නැත.අනිත් අතට මේවන් වසංගත තත්ත්වයක් හමුවේ එය කිසිසේත්ම පහසු නොවනු ඇත. බලපෑමක් කලේද යන්න ප්‍රශ්ණයට නෑ යනුවෙන් පිළිතුර ලැබිම සාමාන්‍යය.එය ඉල්ලිමක් කලේද යන්න විමසුවේ නම් පිළිතුර මීට වඩා වෙනස් වනු ඇත.

අදාළ පුවත පාදක කරගනිමින් මේ වනවිට ජනාධිපතිවරයාට මෙන්ම ජනාධිපති මාධ්‍ය ප්‍රකාශ ලෙස මැතකදි පත්ව ආ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කිංස්ලි රත්නායක ඉලක්ක කර මඩ ව්‍යාපාරයක් විපක්ෂය ආරම්භ කර ඇති අතර ඔහුන්ගේ ප්‍රධානතම ඉලක්කය බවට කිංස්ලී පත්ව ඇති බවද පේනේ.මඩ එල්ල කරන කණ්ඩායමක් දෙස විමසිල්ලෙන් බැලු කල ඔහුන් සියලුම දෙනා ලංකාවේ විවිධ මාධ්‍ය ක්ෂේත්‍රයන්ට සම්බන්ධ අය බවද පැහැදිලිය. පැහැදිලි ලෙසම එය වෘත්තීය කුහකකම මත රදාපවතින බව පෙනී යන්න්නේ කිංස්ලීව සaජුවම ඉලක්ක විම හරහාය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය ටෙඩ්‍රොස් ඇඩ්හැනොම් (Tedros Adhanom) මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර (07) වැනිදා පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ සිට සූම් (ZOOM) තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාව අවසානායේ ජනාධිපතිවරයා තබා තිබු සටහනේ දැක්වෙන්නේ

“සයිනොෆාම් එන්නත භාවිතයට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ඉදිරි තෙදින තුළ ලබාදීමට හැකි වෙතැයි ටෙඩ්‍රොස් මහතා සඳහන් කළේය. අනුමැතියත් සමඟ මෙරට ජනතාවගෙන් වැඩි පිරිසකට සයිනොෆාම් එන්නත ලබාදීමට හැකිවන බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.”

අදාළ අවසරය ලබාදිම සදහා දින 3 ක් ගතවන බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කලද එදින සන්ධ්‍යා භාගයේම එම අවසරය ලැබුන අතර ඊට දින දෙකකට පසුව් එනම් 10 වැනිදා නිකුත් කල නිවේදනය හරහා ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා සදහන් කර තිබුනේ….

”මේ අතර චීනයේ “සයිනොෆාම්” එන්නත් මාත්‍රා ලක්ෂ 06ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලැබුණු අතර, එය භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිව තිබුනේ නැහැ”

“කෙසේ වෙතත් ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ලෝක සෞඛ්‍ය සංවිධානය සමග පසුගිය සිකුරාදා ZOOM තාක්ෂණය ඔස්සේ පැවැත්වූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස එදිනම සන්ධ්‍යාවේදී ලෝක සෞඛ්‍ය සංවිධානය “සයිනොෆාම්” එන්නත හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබා දුන්නා.” යනුවෙනි.

සිංහල භාෂාවේ වචන හරබ කරමින් විවිධ තර්ක නිර්මාණය කිරිමට අවශ්‍ය නම් ඔනෑම අයෙකුට හැකියාව ඇත. අනිත් අතට ජනාධිපතිවරයා හෝ මාධ්‍ය ප්‍රකාශකවරයා කිසිම තැනක එන්නතට අවසර දෙන ලෙස ජනාධිපතිවරයා බලපෑම් කල බව සදහන් කර තිබුනේ නැත. නමුත් ඊස්වරන් රත්නම් සිය විද්යුත් පණිවිඩය හරහා කුමක් විමසා සිටියේද යන්න අප නොදනී.නමුත් ඔහු ජනාධිපතිවරයා සහ මාධ්‍ය ප්‍රකාශක වරයා දැන දැනම අපකීර්තියට පත් කිරිම සදහා Gotabaya Rajapaksa had influenced යනුවෙන් සටහන් කර තිබේ.

එමනිසා අදාළ විද්යුත් පණිවිඩය හරහා Daily Mirror/Easwaran Rutnam WHO මගින් විමසා සිටියේ කුමක්ද යන්න පැහැදිලිවම දැනගැනිමේ අයිතියක් රටේ ජනතාවට තිබේ.

පැහැදිලි ලෙසම ජනාධිපතිවරයා ලෝක සෞඛ්‍ය සංවිධානයේන් ඉල්ලිමක් කිරිමට කටයුතු කර තිබේ.ඊට හේතුව වන්නෙ ඉල්ලිම සිදුකරන අවස්ථාව වනවිටත් රට සතුට චීනයේ “සයිනොෆාම්” එන්නත් මාත්‍රා ලක්ෂ 06ක් තිබිමයි. මාධ්‍ය ප්‍රකාශකවරයාගේ ප්‍රකාශයේද පැහැදිලිව සදහන් වන්නේ “සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස” යනුවෙනි.

දැන් Daily Mirror මාධ්‍ය ආයතනයට මෙන්ම එම පුවත් පතේ මාණ්ඩලික වාර්තාකරුවෙකු වන ඊස්වරන් රත්නම් තමන් WHO මගින් කල විමසීම පිළිබඳව රටට අනාවරණය කල යුතුය. මන්ද Daily Mirror පුවතට අනුව එය කියවන ඔනෑම අයෙකුට තහවුරු වන්නේ “සයිනොෆාම්” එන්නත භාවිතයට ඉඩ දුන්නේ ජනාධිපති බලපෑම් කල නිසා බවට ජනපතිගේ මාධ්‍ය ප්‍රකාශක සදහන් කල බවත් තමන් එනම් Daily Mirror/Easwaran Rutnam එවන් බලපෑමක් සිදු කලෙද යන්න ලෝක සෞඛ්‍ය සංවිධානය හෙවත් WHO මගින් විමසු විට එය අසත්‍යයක් බව සදහන් කල බවයි.

Zoom තාක්ෂණය ඔස්සේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ පැවති සාකච්ඡාවේ දි චීනයේ නිෂ්පාදිත ‘සයිනොෆාම්’ එන්නත හදිසි භාවිතයට ගැනීම සඳහා සාකච්ඡා සිදුවු බව නොරහසකි.නමුත් සාකච්ඡා කිරිම හෝ සාකච්ඡාවේ ප්‍රතිපලයක් ලෙස අවසර ලැබිම යන කරුණ “බලපෑමක්” ලෙස අර්ථ දැක්විමට Daily Mirror/Easwaran Rutnam අවශ්‍ය වුයේ ඇයි ද යන්න වහාම සොයා බැලිය යුතුය. අනිත් අතට සාකච්ඡාවක් යනු බලපෑම් කිරිමක් නොවන බව සිංහලෙන්,ඉංගිරිසියෙන් හෝ දෙමළෙන් ඊස්වරන්ට කවුරුන් හෝ කියා දෙන්නේ නම් මැනවි. Easwaran Rutnam ගේ ප්‍රශ්ණ කිරිම හරහා රට තුල ව්‍යාකුල භාවයක් ඇතිකිරිමට කුමන්ත්‍රණයක් දියත්ව ඇති බව පැහැදිලිය.එම නිසා රජය මේ සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් ආරම්භ කල යුතුය.