counter hit xanga
November 28, 2022

ගෝඨාභයගෙන්, මෝදිට ලිපියක්!

Last Updated on April 29, 2021 by Panduka Herath

කොරෝනා වසංගතය හමුවේ ඉන්දියාව පත්ව සිටින තත්ත්වයෙන් රටත් ජනතාවත් ආරක්ෂා විම සදහා ගෞතම බුද්ධාගේ ආදර්ශය අනුගමනය කරමින්, ඉන්දියාවේ ජනතාවට ආශීර්වාද කිරීමට රත්න සූත්‍රය සඡ්ඣායනා කිරිමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍රසිංහ මෝදි වෙත ලිපියක් යොමුකරමින් කියා සිටි.

ඉන්දියාවේ එන්නත් මාත්‍රාව ලක්ෂ 5 ක් පරිත්‍යාග කිරීම පිළිබඳව ශ්‍රී ලංකා ජනතාව වෙනුවෙන් ජනාධිපති රාජපක්ෂ මහතා සිය කෘතඥතාව ගැඹුරින්ම ප්‍රකාශ කර ඇති අතර එමඟින් අපේ රටවල් දෙක අතර ඇති සමීප බැඳීම හා සම්බන්ධතාවය පෙන්නුම් කරන බවද සිය ලිපියේ සදහන් කර තිබේ.