counter hit xanga
October 22, 2021

මඩ නැතුව රජ වෙන ගෝඨාභයගේ නිර්භීත තීන්දුව!

Last Updated on May 8, 2021 by Panduka Herath

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු ගන්නා ලද වැදගත්ම තීරණ අතර රසායනික පොහොර හා කෘමිනාශක තහනම් කිරීමට ගත් තීරණය ඉහලින්ම තිබෙන බව නොරහසකි. කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් නිර්භීත පියවර ඇගයිමට ලක්කල යුතු වුවත් ගස් කපනවෝ කියමින් උදේ හවස මාධ්‍ය හරහා මෙන්ම සමාජ මාධ්‍යයේ කෑ ගැසු පරිසරවේදීන් මේ දින වල මීක් හඩක් නැත.

නොමිලේ රසායනික පොහොර ලබාදෙන බවට ජනාධිපතිවරණයෙදි හා මහා මැතිවරණයේදී පොරොන්දුවක් ලබා දී සමස්ත ලාංකීය ගොවි ජනතාවගේ ඡන්දය ලබා ගත් ජනාධිපතිවරයා මෙවැනි තීරණයකට සිය කැබිනට් අනුමැතිය ලබා ගැනිමට තරම් නිර්භීත වුයේ කොවිඞ් වසංගතයට පසුපසින් එන මහා ඛේදවාචකය වූ මාරාන්තික වකුගඩු රෝගය, මහ පොළවට එහි ජලයට හා පරිසරයට සිදුවන හානිය නිසා විය යුතුය. එසේම කොරෝනා වසංගතය හේතුවෙන් බිඳවැටෙන රටේ ආර්ථිකය තුළ නොමිලේ රසායනික පොහොර ලබා දීම සඳහා ඩොලර් මිලියන 200-300 අතර මුදලක් වැය කිරීමට වියදම් කිරීමට නොහැකි බවද ඔහු හොදින්ම තෙරුම් ගෙන තිබේ.

කෙසේවෙතත් රසායනික පොහොර භාවිතය නතර කිරීමට ගෙන ඇති තීරණය යහපත් වුවද සැලසුමකින් තොරව එය ක්ෂණිකව කි‍්‍රයාත්මක කිරීමට යාම තුළ අර්බුදයන්ර රැසකට මුහුණ දීමට සිදුවන බවත්, ඒ හේතු කොට ගොවි කැරැල්ලක් වුවද, පැන නැගිය හැකි බවත්, ආණ්ඩු පක්ෂ රැස්වීමේදී මන්ති‍්‍රවරුන් පෙන්වා දි තිබේ. විශේෂයෙන්ම රසායනික පොහොර හා කෘමිනාශක නිෂ්පාදන සමාගම් ඒ සදහා අනිවාර්යයෙන්ම මුදල් විසී කරනු ඇත.

අනිත් අතට ජනපති ගත් තීන්දුව ක්‍රියාත්මක කිරිම දුෂ්කර එකක් විමට තවත් බාධක තිබේ.එනම් ලංකාව හා බැඳී ඇති ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව ආදී ණය ලබා ගන්නා මූල්‍ය ආයතන එම ආයතන පසුපස සිටින ගෝලීය බහුජාතික සමාගම් ය.මන්ද මේ දක්වා ලංකාවට ලැබී ඇති ණය ලබාගැනීමේ කොන්දේසිවලට ලංකාවේ කෘෂිකර්මය රසායනික කෘෂිකර්මයක් බවට පත් කිරීමේ කොන්දේසිද ඇතුළත්ය.ඒනිසා බහුජාතික සමාගම් ලාංකීය ගොවි ජනතාව තම අරමුණු ඉටුකර ගැනීම සඳහා බළල් අතක් බවට පත්කර ගැනීමට ඉඩ තිබේ.

ගොවි ජනතාවගේ ඡන්දය ලබා ගැනීම සඳහා දෙන ලද පොරොන්දුව කඩ කිරීම තුළ පොහොර තහනම් කිරීමට විරුද්ධව ගොවි ජනතාවගේ පැත්තෙන් විරෝධතා පැවතිය හැකිය. මේ පිටුපස බහු ජාතික සමාගම්, විපක්ෂය සහ විවිධ හොර පරිසරවේදින් සිටගැනීම වැළැක්විය නොහැකිය. නමුත් එය වැළැක්විය යුතුය. කෘමීන් සමග සටන් කරන්නට දැනුමෙන් සන්නද්ධ ගොවි හමුදාවක් අවශ්‍ය වනු ඇත. මන්ද බහුජාතික සමාගම් ජාන වෙනස් කරන ලද කෘමීන් පවා බිහිකර වගාවන් සදහා මුදාහැරීම දැන් සුලභ කරුණක් වි ඇති නිසාය. ඒ අනුව බැලුකල රසායනික පොහොර හා කෘමිනාශක තහනම් කිරීමට සාපේක්ෂව ජාතික ආරක්ෂාවද අංක එකට තහවුරු කලයුතුව තිබේ.

රසායනික පොහොර භාවිතයට හුරු කර ඇති අපේ රටේ බීජ ප‍්‍රභේදයන් කාබනික පොහොරට හුරු කළ නොහැකි බවත්, කාබනික පොහොරවලට හුරු බීජ හදුන්වාදීමද ක්ෂණිකව සිදු කළ නොහැකි බවයි කෘෂි විද්‍යාඥයන්ගේද මතයි වි ඇත්තේ.එම මතයන් නියොජනය කරනුයේ කාගේ කදවුරද යන්න තවම නිශ්චිත නැත. කෙසේවෙත ක්ෂණිකව රසායනික පොහොර භාවිතයෙන් ඉවත්වීම පහසු නොවන අතර ඒ සදහා විධිමත් කි‍්‍රයාමාර්ග පියවරෙන් පියවර ගත යුතු බවත් ඔහුන්ගේ මතය වි තිබේ.

අනිත් අතට රසායනික පොහොර හා කෘමිනාශක තහනම් කිරීම හරහා පලදාව අඩුවීම හේතු කොට ගොවීන්ට වන්දි ලබා දුන්නද රටේ කෘෂි නිෂ්පාදනයේ පසුබෑමක් ඇති වුවහොත් ආහාර සුරක්ෂිතභාවයට ඇතිවන බලපෑම සැලකිල්ලට ගත යුතු ප‍්‍රධාන ප‍්‍රශ්නයක් විය හැක.

විශේෂයෙන් වී ගොවිතැන හා අනෙකුත් කෘෂි භෝගයන්ද වානිජ වගාවන් වන තේ, පොල් වගාවන් සදහා රසායනික පොහොර එක්වරම නතර කිරීම තුළ ගැටඵකාරී තත්ත්වයන්ට මුහුණ දිය හැකි බව නොරහසකි.

කවර තත්ත්වයක් යටතේ වුවද රසායනික පොහොර කෘමිනාශක, වල්නාශක නතර කිරීම සඳහා ජනාධිපතිවරයා ගත් පියවර ජාතික වැඩපිළිවෙළක් බවට පත් කිරීම සඳහා ආණ්ඩු පක්ෂයේ සෑම ජනතා නියෝජිතයෙකුම සම්බන්ධ මෙහෙයුමකට රට යොමු කළ යුතුව තිබේ.ග‍්‍රාමීය මට්ටමේ ගොවිජනතාව දැනුවත් කිරීමක් ගොවිජන සේවා කාර්යාල හරහා ගොවි සංවිධාන දැනුවත් කළ හැකිය. සියලූ ප‍්‍රාදේශීය සභා, නගර සභා, පූජනීය ස්ථාන තාක්ෂණික පොහොර නිපදවමින් නොමිළේ ගොවි ජනතාවට ලබාදිය යුතුය.

හෙල ගොවියා මඩ සොදාගත් කල රජ කමටත් සුදුසුයි කියලා අපෙ පැරන්නන් කියා තිබේ.නමුත් අද වනවිට ගොවියා යනු ගිගන්නා ගානට වැටි තිබේ. පොහොර,රසායනික ද්‍රව්‍ය ගොවියා ඒ තැනට ඇද දැමිට සමත්ව තිබේ. කෘෂිකර්මය කෘෂි කරුමය වෙමින් තිබේ.ඒ සියල්ල ජයගත හැක්කේ ජනපතිගේ මේ තින්දුව හරහාය යලිත් මඩ සෝදා ගත් ගොවියා රජකම් කල හැක්කේ එකාමෙන් මේ සදහා පෙළගැස්මෙන් ය.

අභියෝගාත්මකව ජනපතිගේ තීන්දුව වෙනුවෙන් රටේ ජනතාව පෙළගැස්මද ඉතා වැදගත් වනු ඇත. යෝජනාව ක‍්‍රියාත්මක වුවහොත් මහ පොළොව සුවපත් වනු ඇත. ජනතාවද සුවපත් වනු ඇත.අනිත් අතට රට ගොඩනැගීමට අවශ්‍ය විශාල මුදලක් රට තුළ ඉතිරි වනු ඇත.

-පණ්ඩුක හේරත්-