counter hit xanga
February 3, 2023

රජයේ පාලන මිළ පැන්නොත් රාජසන්තකයි!

Last Updated on June 13, 2021 by Desman Chathuranga

රජයේ පාලන මිලට සහල් අලෙවි නොකරන සහල් නිෂ්පාදකයන්ගේ වී හා සහල් තොග රාජසන්තක කළ හැකිවන ආකාරයට නව නීතියක් සම්පාදනය කිරිමට රජයේ ජීවන වියදම් කමිටුව තීන්දු කර තිබේ.එම වී තොගවලින් නිපදවන සහල් රජයේ පාලන මිලට තවදුරටත් අලෙවි නොකළහොත් වී තොග වගා රාජසන්තක කිරීමට ද නව නීතිය යටතේ හැකියාව ලැබේ.

ඒ අනුව විශේෂ රෙගුලාසි ගැසට් කිරීමට ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා සහ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන්ගෙන් සමන්විත රජයේ ජීවන වියදම් කමිටුව තින්දුවක් ගෙන තිබේ.

නව විධිවිධාන අනුව මෙරට තිබෙන වී හෝ සහල් මෙට්‍රික් ටොන් සීයකට වඩා ගබඩා කර ඇති සියලුම වී ගබඩා රජයේ ලියාපදිංචි විය යුතු වන අතර ඒවායේ ඇතුළත් තොග පිළිබඳව විධිමත් නිල සංඛ්‍යාලේඛනද රජයට ඉදිරිපත් කළ යුතු වේ.

සහල් ඇතුළු අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය නිෂ්පාදකයන් සහල්වලින් අධික ලාභ ලබන බවට ලැබුණ පැමිණිලි ගැන කළ විමර්ශනවලින් පසුව මෙම තින්දුව ගෙන ඇති අතර නාඩු සහල් කිලෝවකින් වී මෝල් හිමියන් රුපියල් 30/-ක් 40/- අතර ලාභයක්ද, කීරි සම්බා සහල් අලෙවියෙන් කිලෝවකට රුපියල් 70/-කට අධික ලාභයක් සහල් නිෂ්පාදකයන් විසින් ලබන බව විමර්ශන වලදි අනාවරණය වි තිබේ.

සහල්, සීනි, බඩ ඉරිඟු සහ කිරිපිටි ආනයනකරුවන්, ගබඩාකරන්නන්, බෙදාහරින්නන්, නිෂ්පාදකයින්, රැස්කරන්නන් සහ තොග වෙළඳුන් තමන් භාරයේ ඇති ආහාර ද්‍රව්‍ය සම්බන්ධ තොරතුරු දින 07 ක් ඇතුළත ලියාපදිංචි කළ යුතු බවට නියෝග කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්ද පසුගියදා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිකුත් කර තිබුනා.

http://188.166.251.0/extraordinary-gazette-notification-from-the-consumer-affairs-authority/?swcfpc=1